පෞද්ගලික චිත්‍රපට සංරක්ෂකයින් සහ කෞතුකාර පවත්වාගෙන යන්නන් සම්බන්ධ කර ගනිමින් චිත්‍රපට සංරක්ෂණ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට ජාතික චිත්‍රපට සංස්ථාවේ අවධානය යොමු වී තිබෙනවා.
පහතින් දැක්වෙන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව මෙම වැඩපිළිවෙල පිළිබඳව පැහැදිලි කරමින් දක්වා තිබූ සටහනකි.
(උපුටා ගැනීම)
චිත්‍රපට සංරක්ෂණය සිනමා සංස්කෘතියේ අතිශය වැදගත් කාරණයකි.
78 වසරක් පුරා ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ විවිධ කඩයිම් පසුකරමින් පැමිණි ගමන් මග තුළ එහි උරුමයන් එක්රැස් කරාවු පිරිස් මෙරට තුළ බොහෝය.
ඔවුන් පෞද්ගලිකව චිත්‍රපට උරුමයන් රකිමින් , එක්රැස් කරමින් විවිධ තත්ත්වයන් යටතේ වුවද විධිමත් මෙන්ම අවිධිමත්ව ද සිය සංරක්ෂණ කාර්ය යම් මට්ටමින් සිදුකර ඇත.
ඉපැරණි චිත්‍රපට සේයා පට , පොටෝ කාඩ්ස් , කැමරා ආදී සිනමා කලා මධ්‍යයට විශේෂ වූ දෑ සිය පෞද්ගලික ධනයෙන් ,වත්කමෙන් සුරැකිව තබාගත් , සිනමාවට අසිමිතව ආදරය කල පිරිස් පිළිබඳ ජාතික චිත්‍රපට සංස්ථාවේ අවධානය යොමු වී ඇත.
ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාව මගින් සිදුකරගෙන යනු ලබන චිත්‍රපට සංරක්ෂණ වැඩපිළිවලට , එම පිරිස් දායක කරගැනිමට ඇති හැකියාව පිළිබඳ
2025.04.02 දින සාකච්ඡා කරන ලදී.
(ජාතික චිත්‍රපට සංස්ථාවේ නිල Fcebook පිටුව ඇසුරිනි)