කනිෂ්ක කරුණාරත්නගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන ‘සමරිසි පෙමක්’ ළඟදීම තිරගත වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
මෙම චිත්‍රපටයේ නිෂ්පාදකයා වන්නේ සුපර් සික්ස් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පැමිණි උදාර පල්ලියගුරුගේයි. මෙය ඔහුගේ 12වන චිත්‍රපට නිෂ්පාදනයයි. පියාඹන්න ආයෙත් - සූස්ති - ආලේ කොරෝනා - 69 වැනි චිත්‍රපට රැසක් මීට පෙර ඔහුගේ D Cinema ආයතනයෙන් නිෂ්පාදනය කර තිබෙනවා.
මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ ජෙහාන් අප්පුහාමි , මේධා ජයරත්න , විරාජ් පෙරේරා විසිනුයි. අධ්‍යක්ෂක කනිෂ්ක කරුණාරත්නද මෙහි ප්‍රධාන චරිතයක් රඟපානවා.