ශ්රී ලංකාවේ ප්‍රථම වතාවට, චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය (1973) හි 4K ප්‍රතිසංස්කරණය කරන ලද අනුවාදය කොළඹ දී පැවැත්වෙන Archiving the Image: From Conservation to Screen (චිත්‍රපට වැඩසටහන්කරණය සහ ඡායාරූප සහ චිත්‍රපට සංරක්ෂණය පිළිබඳ වැඩමුළුවේ) ආරම්භක දිනයේ දී (07) තිරගත කෙරිණි.
ජී.බී.සේනානායකගේ "පළිගැනීම" නම් කෙටිකථාව ඇසුරින් නිර්මාණය කල ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ විශිෂ්ඨතම අධ්‍යක්ෂණයක් වන "නිධානය" අදටත් ලාංකේය සිනමාවේ හොඳම චිත්‍රපටය ලෙස සළකයි. මෙහි ප්‍රබල තිර නාටකය තිස්ස අබේසේකරගෙනි. චිත්‍රපටයේ ගූප්ත බව දොම්නස සහ සොම්නස වඩාත් ත්‍රීව කල සංගීතය ප්‍රේමසිරි කේමදාසගෙන් සහ කැමරාකරණය එම්.එස්.ආනන්දන්ගෙනි. ප්‍රධාන චරිත ගාමිණි ෆොන්සේකා සහ මාලනි ෆොන්සේකා විසිනි.
තම පියාගෙන් උරුම වු පැරණි වලව්ව සහ ණය තුරුස් මැද වෙසෙන රලු ගති පැවතුම් හා මහත්තත්ව කමක් ඇති විලී අබේනායකගේ ආත්ම කථනයෙන් ආරම්භ වන චිත්‍රපටය පුරාවටම දකින්නට ලැබෙන්නේ, පැරණි පුස්කොළ පොතකට අනුව,උපන් ලප සතරක් තිබෙන කන්‍යාවියක් බිලී දී නිධානයක් ලබාගැනීම සදහා කටයුතු කරන මිනිසෙකුගේ මානසික කැලඹීමයි.
psychological trller and crime ශානරයට අයත් ලෙස සැලකිය හැකි මේ චිත්‍රපටයේ විටෙක රළු ගති පැවතුම් ද සැගවී තිබෙන මනුස්ස කමද එකිනෙක පරයා දෝලනය වන අයුරු දැකගත හැකිය.
සටහන - Tharanga L Fernando
( Tharanga L Fernando ගේ මුහුණු පොත ඇසුරිනි)