lan englan tam

පුවත්

ගයාන් ගුණවර්ධන සටන්කාමී තරුණ යතිවරයෙකුගේ චරිතයෙන් සිනමාවට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන, ශිෂ්‍ය දේශපාලනයට සම්බන්ධ තරුණ භික්ෂුවක් වටා ගෙතෙන "සාධි" සිනමාපටයේ නිෂ්පාදන කටයුතු මේ දිනවල සිදු වෙනවා.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‘රාහුල හිමියන්ගේ’ චරිතයට පණ පොවන්නේ පුංචි තිරයේ ජනප්‍රිය නලුවෙකු වන ගයාන් ගුණවර්ධන විසිනුයි.

මෙය ඔහුගේ පළමු සිනමාපට රංගනයයි

'සාධි' සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ මෙරට සිටි ජනකාන්තම සිනමා නිළියක වන සුවිනීතා වීරසිංහ විසිනි.

ඇය ද මෙහි ප්‍රධාන චරිතයකට රංගනයෙන් එක් වෙනවා.

මෙම චිත්‍රපටයට, සුවිනිතා වීරසිංහ (සුමේධා), ගයාන් ගුණවර්ධන (රාහුල හිමි), වල්පල්ගේ සිරිගත්ත (නායක හිමි), දමිත්‍රී සුභසිංහ (විහ), හෂිනිකා කරලියැද්ද (ජයවතී). පුර්ණිම හසරංග (පුර්ණ), දෙතෙන් පහන්සිළු වික්‍රමසේකර (ළමා නළු) ඇතුළු ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වනවා.

සාද් ෆිල්ම්ස් නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් වන “සාධි” චිත්‍රපටයේ තිර රචනය නන්දලාල් මාලගොඩ විසිනි.

 

Back to top
Go to bottom