කූඹියෝ ටෙලිනාට්‍ය නිර්මාණය කළ ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කළ, 'වාලම්පූරි හෙවත් හීන හතහමාරක්' චිත්‍රපටය අප්‍රේල් 25 වනදා සිට දිවයින පුරා සිනමාශාලා වලදී තිරගත වෙනවා.
ඊයේ දිනයේ මෙහි විශේෂ දර්ශනයක් කොළඹ- හැව්ලොක් සිටි මෝල්හි 'ස්කෝප්' සිනමාශාලාවේ දී පැවැත්වුණා.
පහතින් දැක්වෙන්නේ එම අවස්ථාවට සහභාගී වූ රසික ජයකොඩි විසින් මෙම චිත්‍රපටය පිළිබඳව හා ලක්මාල් ධර්මරත්න පිළිබඳව සිය මුහුණු පොතේ පළ කර තිබූ අපූරු අදහස් දැක්වීමකි.
(උපුටා ගැනීම)
“වාලම්පුරි" කියන්නේ සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක්.
තව දශක දෙකකින් විතර සිංහල සිනමාවට අවුරුදු 100ක් පිරෙන වෙලාවට මේ රටේ සිනමාවේ හැරවුම් ලක්ෂ වෙන චිත්‍රපට 10ක් නම් කරන්න කිව්වොත්, ඒ ලැයිස්තුව ඇතුළේ වාලම්පුරි තියෙන බව මට විශ්වාසයි.
ඒක හරියට 'කූඹියෝ' ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා වගේ ම තමයි.
'කූඹියෝ' වලින් පස්සේ ලංකාවේ ටෙලිනාට්‍ය හදන අය, ටෙලිනාට්‍ය බලන අය විතරක් නෙවෙයි, ටෙලිනාට්‍ය පෙන්වන චැනල් පවා ටෙලිනාට්‍ය ගැන හිතන විදිය වෙනස් වුණා. 'වාලම්පුරි' හින්දා ලංකාවේ චිත්‍රපට කලාවට අත්වෙන ඉරණමත් ඒක ම තමයි.
මේකෙන් පස්සේ ලංකාවේ චිත්‍රපට හදන උන්, චිත්‍රපට හදන්න හීන මවන උන් සහ චිත්‍රපට බලන උන් චිත්‍රපට ගැන හිතන විදිය වෙනස් වෙන්න පටන් ගන්නවා.
මේක අයිති වෙන්නේ suspense thriller කියන ෂානරයට.
බයිස්කෝප් භාෂාවෙන් කියනවා නම් ත්‍රාසය, භීතිය, කුතුහලය සේරම මේකේ තියෙනවා.
චිත්‍රපටයේ මුල සිට අග දක්වාම suspense එක බිංදුවක්වත් අඩු වෙන්න දෙන්නේ නැතුව රඳවාගෙන තියෙනවා.
මේකෙ මැජික් එකත් ඒකම තමයි. ඒ වගේ ම මේ suspense thriller එක යට ගැඹුරු සමාජ-දේශපාලන යටිපෙළක් තියෙනවා.
කොටින් ම ලංකාවේ සමස්ත සමාජය ම, ඒ කියන්නේ මේක ලියන මම සහ මේක කියවන ඔබ ඇතුළු අපි සියලු දෙනා ම 'වාලම්පුරිය' ඇතුළේ ඉන්නවා.
කොටින් ම ලංකාව කියලා කියන්නේ ම වාලම්පුරියක් උඩ නිර්මාණය වුණු රටක්. මං මේ කියන්නේ මොකද්ද කියලා ඔබට හරියට ම තේරෙන්නේ මේ චිත්‍රපටිය බලපු දාටයි.
චිත්‍රපටය බලලා හැව්ලොක් සිටි එකේ 'ස්කෝප්' ශාලාවෙන් එළියට එනකොට ම චිත්‍රපටිය හදපු ලක්මාල් ධර්මරත්න හිටියා.
මට ඌට ඇත්තටම කියන්න ඕනෙ වුණේ "තෝ යක්ෂයෙක්.." කියලයි.
ඇත්තටම යක්ෂයෙක් සහ දක්ෂයෙක් අතර තියෙන්නේ ඇහැට පේන්නේ නැති තරම් සියුම් රේඛාවක්.
ලක්මාල් ධර්මරත්න කියන්නේ යක්ෂකම සහ දක්ෂකම අතර සියුම් රේඛාවේ දෙපැත්තට බට්ටා පනිමින් ඉන්න එකෙක්.
චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය පටන් ගත් දවසට අනිවාර්‍යයෙන් ම ගිහින් බලන්න.. මේක එහෙම නොබැලුවොත් අපරාදෙ කියලා හිතෙන ජාතියේ චිත්‍රපටයක්
(රසික ජයකොඩිගේ මුහුණු පොත ඇසුරිනි)