lan englan tam

පුවත්

එම්. සෆීර්ගේ ‘ඈන් ෆ්‍රෑන්ක්ගේ අවසන් නොකළ දිනපොත’ වේදිකා නාට්‍යය (පිටපත) එළිදැක්වීම අප්‍රෙල් 28

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

එම්. සෆීර් විසින් අධ්‍යක්ෂණය කළ ‘ඈන් ෆ්‍රෑන්ක්ගේ අවසන් නොකළ දිනපොත’ වේදිකා නාට්‍යයේ (පිටපත) දොරට වැඩුම

2025 අප්‍රෙල් 28 වෙනිදා ,

සවස 4.00 ට ,

කොළඹ 07 - ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා.

පහතින් දැක්වෙන්නේ මෙම නාට්‍යය අධ්‍යක්ෂණය කළ එම්. සෆීර් විසින් නාට්‍යය පිටපත එළිදැක්වීම පිළිබඳව දැනුවත් කරමින් සිය මුහුණු පොතේ තබා තිබූ සටහනකි..

2020 වසරේ මාර්තු 05 සහ 06 ලෝප‍්‍රකට ඈන් ෆ‍්‍රැන්ක් දිනපොත ඇසුරෙන් සිංහල සහ ඉංග‍්‍රීසි භාෂාවෙන් නාට්‍යයක් අධ්‍යක්ෂණය කලෙමි. ඒ ගැන වූ සහටහනක් පහත වේ. කෙසේ වෙතත් ”ඈන් ෆ‍්‍රැන්ක්” කොරෝනාවට, අරගලයට සහ ආර්ථික අර්බුදයට හසුවී කෙටි ආයුෂ ලබා නිහඩ වන්නේය. 2020 රාජ්‍ය නාටය උළෙලේදී ප‍්‍රධාන සම්මාන කිහිපයකට හිමිකම් කීවද, සියලූ තත්ත්වයන්ට හසුවී නැවත පවත්වාගෙන යන්නට නොහැකි ලෙස අඩපණ විය. බොහෝ ශිල්පීන් දැන් මෙරට නැත. මා සතුව ඇත්තේ විඩියෝවක් සහ පිටපතක් පමණි. එම නිසා එම පිටපත ප‍්‍රකාශයට පත් කරන්න සිතුවෙමි. එයටද ටික කලක් ගතව වූ නමුත්, දැන් එය අප්‍රේල් නිකුත් වන්නේය.

ඉතින් අප්‍රේල් 28

සවස 4 ට හැකි නම් එන්න..

අපි කතා කරමු පස්කු සහ ඈන් ෆ‍්‍රෑන්ක් ගැන...

 

 

     

 
 
 
 
 

 
 
Back to top
Go to bottom