lan englan tam

පුවත්

වසර අටකට පසු ආයෙත් ජනප්‍රිය වූ ‘අලි කතාව’

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2017 වසරේ තිරගත උන 'අලි කතාව' කියන චිත්‍රපටයේ එන ගීතයක් මේ දවස් වල සමාජ මාධ්‍ය වල බොහෝ ජනප්‍රියත්වයට පත් වෙලා තියන බව දකින්න පුළුවන්.

මේ ගීතය ඇතුළත් වෙන 'අලි කතාව' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මහාචාර්ය සුනිල් ආරියරත්නය විසින්.

ඒ වගේම මෙහි එන ‘නිල් තණ කොළ බුදින්ටයි..’ කියන මේ ගීතය රචනා කරනු ලැබුවේත් සුනිල් ආරියරත්න විසින්මයි.

මේ ගීතය ජනප්‍රිය වෙනවත් එක්කම මේ ගීතය ගායනය කරන ගායකයා ගැනත් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තිබුණා.

මේ ගීතය ගායනා කරන්නේ ඉරෝෂන් මධුශංක.

ඉරෝශන් තමයි 2012  වර්ෂයේ තිබුණු දෙරණ රූපවාහිනී නාලිකාවෙන් පවත්වපු “Derana Little Star 2012” තරගයේ වඩාත් ජනප්‍රියම ගායකයා බවට පත් උනේ.

ඒ වගේම 2018 සරසවි සම්මාන උළෙලෙදි ඉරෝෂන් ට මෙම ගීතය ගායනය වෙනුවෙන් (අවුරුදු 12 පහළ කාණ්ඩයේ) -- හොඳම ගායකයාට හිමි සම්මානයත් ලැබුණා.

ඉතින්, වසර අටකට පස්සේ මේ චිත්‍රපටය වගේම මේ ගීතයත් නැවතත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වීම හරිම ප්‍රශංසණීය කරණාවක්.

Back to top
Go to bottom