lan englan tam

පුවත්

‘සූරියා’ ගේ අලුත්ම චිත්‍රපටයේ ප්‍රචාරක ගීතය නිර්මාණයට ලාංකිකයන් තිදෙනෙක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය දමිළ ඉන්දියානු නළු සූරියා සිවකුමාර් රංගනයෙන් එක්වන කාර්තික් සුබ්බරාජ් ගෙ නවතම චිත්‍රපටය වන ‘Retro’ හි ප්‍රචාරක ගීතයක් ඊයෙ නිකුත් උනා.

සන්තෝශ් නාරායනන් ගේ සංගීතයට ‘Sid Sriram’ සහ ‘SVDP’ සුසංයෝගයෙන් සමන්විත වන "The One" ලෙස නම් කර ඇති මෙම ගීතයේ ආකර්ෂණීය  වීඩියෝවක් දකින්නට ලැබුණා. ඒ වීඩියෝවේ නිර්මාණ දායකත්වය සඳහායි ලාංකීය නිර්මාණකරුවෙකු වන මුවිඳු බිනෝයි ට අවස්ථාව හිමිවී තිබුණේ.

‘මීයා’, ‘එක ළඟ කොටු’ වැනි ටෙලි කතාමාලා සහ 'කොට්ට බබා' චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන මුවිඳු බිනෝයි (Bo Sedkid) මෙරට ජනප්‍රිය ගීත නිර්මාණ රැසකටත් සිය දායකත්වය ලබා දී තිබෙනවා.

මුවිඳු සමඟින් මේ ගීතයේ වීඩියෝව නිර්මාණයට කලාත් වර්ණකුලසූරිය සහ පමුදිත අංජන යන නිර්මාණකරුවන් ද දායකත්වය ලබා දී තිබුණා.

Video by : Muvindu Binoy

Edited/vfx by : Kalath Warnakulasuriya

Production Assistance - Pamuditha Zen Anjana

මෙම ගීතය දැන් අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැකියි.

 

Back to top
Go to bottom