lan englan tam

පුවත්

ධර්ම යුද්ධය දෙවන චිත්‍රපටය වැඩ අරඹයි : ප්‍රධාන චරිතය බිමල් ජයකොඩි ට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජැක්සන් ඇන්තනී මහතා ප්‍රධාන චරිතයට රගපෑ, ලංකාවේ Box Office වාර්තා අලුත් කළ  ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටය ඔබට මතක ද?

Drishyam මලයාලම් සිනමාපට ඇසුරින් ලාංකීය සිනමාවට නැඟුනු එහි, දෙවන දිගහැරුමක වැඩ කටයුතු පසුගියදා ආරම්භ කරනු ලැබුවා.

ජැක්සන් ඇන්තනි මහතාගේ අභාවය හේතුවෙන් ‘ධර්ම යුද්ධය’ දෙවන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ මෙරට දක්ෂ චරිතාංග නලුවෙකු වන බිමල් ජයකොඩි යි.

ඒ සමඟින් දිල්හානි ඒකනායක, කුසුම් රේණු, දිනක්ෂි ප්‍රියසාද් ඇතුලු තවත් ජනප්‍රිය නලු නිලියන් රැසක් මෙහි රංගනයෙන් එක්වනවා.

ධර්ම යුද්ධය: 02 අධ්‍යක්ෂණය කරන්නේ අරුණ ජයවර්ධන යි.

මාරියා, නිකිණි වැස්ස, 1970 Love Story වැනි සිනමාපටයන් අධ්‍යක්ෂණය කළ ඔහු පුංචි තිරයේ ටෙලි නාට්‍ය රැසකුත් නිර්මාණය කොට තිබෙනවා.

චිත්‍රපටයේ තිර පිටපත සුනෙත් මාංලිග ලොකුහේවාගෙනි.

Back to top
Go to bottom