lan englan tam

පුවත්

'Met Gala' පලස මත ඇවිද ගිය බොලිවුඩයේ රජු Shah Rukh Khan!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඇමරිකාවේ මෑන්හැටන් හීදී සෑම වර්ෂයකම මැයි මස පළමු සඳුදා දින පැවැත්වෙන ‘Met Gala’ ලොව වඩාත්ම කීර්තිමත් සහ ආකර්ෂණීයම විලාසිතා උත්සවය ලෙස ජනප්‍රියව පවතිනවා.’

මෙවර 2025 ‘Met Gala’ උළෙල ඉන්දියානු සිනමාවට ආදරය කරන රසිකයන්ට අපූර්ව අත්දැකීමක් එකතු කිරීමට සමත් වූවා.

ඒ බොලිවුඩයේ රජු ලෙස සැළකෙන Shah Rukh Khan මෙම විලාසිතා උළෙලට සහභාගී වීම නිසායි.

මෙහි විශේෂත්වය වන්නේ ඉන්දියාව නියෝජනය කරමින් මෙම උළෙලට සහභාගී වූ ප්‍රථම නළුවා (first male actor) වන්නේ ඔහු වීමයි.

‘Met Gala’ විලාසිතා දැක්මේදී Shah Rukh Khan සැරසී සිටි ඇඳුම් විලාසිතාව බොහෝ දෙනාගේ අවධානය ලක්වූවා.

Shah Rukh Khan සැරසී සිටි ඇඳුම නිර්මාණය කර තිබුණේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ විලාසිතා නිර්මාණ ශිල්පියෙකු වන සබ්‍යසාචි මුකර්ජි විසිනි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ,

“මගේ designer සබ්‍යසාචිගේ අදහසක් තමයි මේ ඇඳුම. ඔහුට අනුව මෙය නිදහස වගේම අපිව යටපත් කරන්න උත්සාහ කරන දේවල්වලින් අධිෂ්ඨානශීලීව නැඟී සිටීම සංකේතවත් කරනවා” යනුවෙනි.

 මීට පෙර Alia Bhatt, Priyanka Chopra සහ Deepika Padukone මම උළෙලට සහභාගී වී  සහභාගී වී තිබෙනවා.

එමෙන්ම මෙම උළෙලට ලොව පුරා  සිනමා, ගායන, ක්‍රීඩා තරු සහභාගී වී සිටියේ අපූර්ව විලාසිතා මවමිනි.

පහතින් දැක්වෙන්නේ  ‘Met Gala’ හි ඡායාරූප කිහිපයක්.

Image may contain Shahrukh Khan Jessica Williams Accessories Glasses Person Camera Electronics Adult and Wedding

Shah Rukh Khan wore a look by Sabyasachi to his first Met Gala.

Rihanna arrives at the Met Gala in New York on May 5.

Met Gala 2025: Breaking down sports stars fashion looks at event

Zendaya Met Gala 2025: Designer Details, Outfit Inspiration

Met Gala 2025: As it happened - BBC News

Met Gala 2025: Indian stars Shah Rukh Khan, Kiara Advani, and more shine  bright at fashion's grandest fest - The Hindu

Met Gala 2025 outfits: Kim Kardashian, Madonna, Kylie Jenner, Sydney  Sweeney, Shakira, Nicole Kidman and more | The Nightly

What Is a "Black Dandy"? The Met Gala 2025 Theme Explained | GQ

Cardi B Pairs Green Contact Lens with Green Velvet Suit at Met Gala 2025:  Photo 5153803 | 2025 Met Gala, Cardi B, Met Gala Photos | Just Jared:  Entertainment News

 

Back to top
Go to bottom