lan englan tam

පුවත්

හදිසි අනතුරකට ලක්වූ රංගන ශිල්පිනී රූපා පතිරණ ගැන දැනුම් දීමක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගියදා, නවතම ටෙලි නිර්මාණයක රූගත කිරීමකට යන අවස්ථාවේදී ප්‍රවීණ රංගන ශිල්පිනී රූපා පතිරණ හදිසි අනතුරකට මුහුණ පා තිබුණා.

පසුව ඇයව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබූ අතර මේ වන විට ඇය කුරුණෑගල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මේ වන විට ඇගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව රූපා පතිරණ මහත්මියගේ දියණිය විසින් සිය මුහුණු පොතේ සටහනක් තබමින් දැනුවත් කිරීමක් සිදු කොට තිබෙනවා.

පතතින් දැක්වෙන්නේ එම සටහනයි.

(උපුටා ගැනීම)

"අම්මා ගැන විමසන අයට.

පසුගියදා නවතම ටෙලි නිර්මාණයක රූගත කිරීමකට යන අතරේදී මහව දී හදිසි අනතුරකට මුහුණ පෑමට අම්මාට සිදුවුණා. එහිදී හැකි ඉක්මනින් ඇයව රෝහල්ගත කොට ප්‍රතිකාර ලබා දීමට පියවර ගත්තා.

ඇය මේ වෙනකොට කුරුණෑගල මහ රෝහලේ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා හැකි ඉක්මනින් ඇයට ශල්‍යකර්මයක් කිරීමට. ඒ සඳහා අපි පවුලේ අය සහ සමීපතමයින් මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා.

මේ මොහොතේ අප සමඟ සිටින රෝහල් කාර්‍ය මණ්ඩලයට, අම්මාට ආදරය කරන හිතවතුන්, ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂවරුන්, කලා ශිල්පීන්, ඥාතීන් සහ සමීපතමයන් සියලු දෙනාට බෙහෙවින් ම ස්තුතියි.

ඔබේ ආශිර්වාදය සහ ඉක්මන් සුව ප්‍රාර්ථනා සමඟ ඇය හැකි ඉක්මනින් නැවතත් රංගන කටයුතුවල නියැළේවි. මේ මොහොතේ අපේ ප්‍රාර්ථනය ඇයගේ සුවපත් වීමයි. ඒ වෙනුවෙන් ඇයට සුවය ප්‍රාර්ථනා කරන ලෙස ඉල්ලා සිටිනවා !.

වැඩි විස්තර පසුවට ඔබ සමඟ බෙදා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

මීට

- දියණිය -

(උපුටා ගැනීම අවසන්)

Back to top
Go to bottom