2025 වසරේ ජාත්‍යන්තර බුකර් සම්මාන උළෙල ඊයේ (20) රාත්‍රියේ ලන්ඩනයේදී පැවැත් උනා.
එහිදී අවසන් වටයට නිර්දේශිත වූ කෘති 7ක් අතරින් ජයග්‍රාහී කෘතිය ලෙස නම් කෙරුණේ ඉන්දියනු කර්නාටක ලේඛිකාවක් වන භානු මුෂ්ටාක් ගේ ‘හාට් ලෑම්ප්’ (Heart Lamp) නම් කෘතියයි.
එය කන්නඩ බසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කළේ දීපා භාෂි විසිනි. ඇය ජාත්‍යන්තර බුකර් සම්මානයක් දිනාගත් පළමු ඉන්දියානු පරිවර්තකයා විමේ භග්‍යය ද ලබාගත්තාය.
මෙවර භානු මුෂ්ටාක් ඉතිහාසගත වන්නේ කෙටි කතා සංග්‍රහයකින් අතිශය ප්‍රථම වතාවට ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගැනීමෙනි.
මීට පෙර ජාත්‍යන්තර බුකර් සම්මානය දිනා ගත් ඉන්දියානු ජාතිකයා වූයේ ගීතාංජලී ශ්‍රී ය.ඒ ඒ 2022 දී ඩේසි රොක්වෙල් පරිවර්තනය කළ ‘ද ටොම්බ් ඔෆ් සෑන්ඩ්’ කෘතියටයි.
එක්සත් රාජධනියේ Booker prize foundation විසින් වාර්ෂිකව පිරිනමනු ලබන ජාත්‍යන්තර බුකර් ත්‍යාගය පිරිනමනු ලබන්නේ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කොට එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ හොඳම ප්‍රබන්ධ (දීර්ඝ) කෘතීන් හෝ කෙටි කතා එකතූන් ඇගයුමට ලක් කරමිනි. මෙහිදී අදාල මුල් කෘතියේ පරිවර්තකයා ද සම්මානයට පාත්‍ර වනවා.
2022 වර්ෂයේදී ශ්‍රී ලාංකික ලේඛකයෙකු වන ශෙහාන් කරුණාතිලක ඔහු විසින් රචිත “The Seven Moons of Maali Almeida". කෘතිය වෙනුවෙන් 2022 වර්ෂයේදී බුකර් ත්‍යාගය දිනා ගනු ලැබුවා.