lan englan tam

පුවත්

Miss world 2025: අනුදි ගුණසේකර Head to head challenge අංශයෙන් අවසන් 20 අතරට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දියාවේ තෙලංගානා හි මේ දිනවල පැවැත්වෙන 72වන 'ලෝක රූ රැජින තරගයේ' Head To Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත්ව සිටිනවා.

ඒ අනුව මේ වනවිට ඇය මෙම වටයේ ආසියානු සහ ඕෂනියා (Oceania) කලාපයෙන් හොඳම 5 දෙනා අතරට පැමිණ ඇත.

500170547 1129461672551084 3290745667362040742 n

ඇය සමගින් මෙම වටයට ආසියානු සහ ඕෂනියා කලාපයෙන් තායිලන්ත, තුර්කි, ලෙබනන් හා ජපාන තරගකාරියන් තේරීපත්ව සිටියි.

මේ අතර අනුදිගේ මෙම පැමිණීම ලෝක රූ රැජින තරගයේ ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

එනම් වසර 74ක ලෝක රූ රැජින තරග ඉතිහාසයේ Head-to-Head Challenge අංශයෙන් අවසන් වටයට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිය වන්නේ ඇය වීමයි.

එමෙන්ම අනුදිගේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ මෙවර ලෝක රූ රැජින තරගයෙන් මෙතෙක් පැවති තරග අංශ දෙකෙහිම අවසන් වටයට පැමිණි ආසියාවේ එකම තරගකාරියද ඇය වීමය.

අනුදි සහභාගිවන Head-to-Head Challenge අංශයේ අවසන් 20 දෙනා සහභාගිවන අවසන් තරගය අද (23) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

hq720 3

Back to top
Go to bottom