2019 වර්ෂයේ 'සකී' චිත්‍රපටය නිර්මාණය කළ ඉන්දික වික්‍රමාරච්චිගේ දෙවන සිනමා නිර්මාණය වන "අහස් ගැබ යට" සිංහල චිත්‍රපටය මේ වන විට රූගත කිරීම් සියල්ල අවසන් කොට පසු නිෂ්පාදන අදියරේ පවතින බවයි දැනගන්නට ලැබෙන්නේ.
ඒ අනුව ඉතාමත් ඉක්මනින් ප්‍රේක්ෂකයන්‍ට මෙම නිර්මාණය තිළිණ කිරීමටයි ඔහු බලාපොරොත්තු වන්නේ.
තරිඳු දේවතන්ත්‍රි, මනෝජා ප්‍රනාන්දු, ජගත් චමිල සහ මිහිරි ප්‍රියංගනී යාපා යන රංගන ශිල්පීන් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටයේ කතා තේමාව හරිම විශේෂයි.
එනම් චිත්‍රපටය හරහා ආදරය, පිළිකුළ, ලිංගික ආකර්ශනය, ප්‍රචන්ඩත්වය සමග බැදුණු මුල් සිඳුනු නාගරික ලුම්පන් පන්තියේ ජීවන අරගලය පාදක කොට ගත් කතා තේමාවක් මෙහිදී සාකච්ඡාවට ගැනෙනවා.
මේ ගැන චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා පැවැසුවේ මෙවැනි අදහසක්.
“මේක ලංකාවේ චිත්‍රපටයකින් කතා නොකරපු තේමාවක් කියලා මම හිතනවා. මේකෙ එක පැත්තකින් මනුශ්‍ය හෘද අභ්‍යන්තරයේ පවතින හැගීම් සමුදායක් ගැන කතාබහට ලක් කරනවා. ආදරය, පිළිකුළ, ලිංගික ආකර්ශනය කියන කාරණා තුන මනුශ්‍ය ගණුදෙනු වලදී වැඩකරන්නේ කොහොමද කියන එක ගැන විමසා බලනවා’’
අහස් ගැබ යට චිත්‍රපටයටයේ නිෂ්පාදක වරයා ලෙස කටයුතු කරන්නේ ප්‍රියන්ත විජේකෝන් ය.
චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය ගීත් අසංක විසින් සිදුකොට ඇති අතර, සංස්කරණය සහ වර්ණ සංයෝජනය විමුක්ති ප්‍රනාන්දු විසින් ද, සංගීතය සහ ශබ්ද පරිපාලනය තරිඳු මාධව විසින් ද සිදු කිරනු ලබනවා. අංග රචනය සිදු කරනු ලැබුවේ ඔෂාන් යාපා අමරසේකර විසිනි.
ඒ අනුව නුදුරේදීම අලුත්ම සිනමා අත්දැකීමක් "අහස් ගැබ යට" චිත්‍රපයට හරහා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ලැබෙනු ඇති.
පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ පසුගිය දින වල පැවති රූගත කිරීම් අතර තුර ලබා ගත් ඡායාරූප කිහිපයක්.
'අහස් ගැබ යට' චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඉන්දික වික්‍රමආරච්චි
'අහස් ගැබ' යට චිත්‍රපටයටයේ නිෂ්පාදක ප්‍රියන්ත විජේකෝන්