ලාංකේය සිනමාවේ නිළි රැජින අවසන් ගමන් ගියත් ඇය සිනමාවට සිදු කළ කාර්යභාරය සහ ඇගේ රංගන කෞෂල්‍ය අගය කිරීමට හා හැදෑරීමට අපට තවත් විශාල කාලයක් ගතවනු ඇත.
සමහරවිට ඇය රගපෑ චිත්‍රපට වලින් විනාශ නොවී ඉතිරිව ඇත්තේ කීයෙන් කීයදැයි අපි නොදනිමු. චිත්‍රපට සංස්ථාවෙන් ද (ටයර් සංස්ථාව වගේ අභාවයට යන එකක්) එය දැනගත නොහැකිය.
මාලිනී හා සමකළ නොහැකිවූ වද පසුගිය දශක කිහිපයේ අපට දැවැන්ත නිළි පෞරුෂයන් ගණනාවක් සිටිය. ශ්‍රියානී, නීටා, වීණා, ගීතා, ස්වර්ණා, අනෝජා, සබීතා, අනෝමා, සංගීතා, දිල්හානී ...ඒ අතරේ ඉහළින්ම ඉන්නවා....නව පරපුරේ නිළියන් ද ගණනාවක් සිටියත් චිත්‍රපට අඩුයි.
අද අපට ඉන්න දක්ෂතම නිළියන් කිහිප දෙනෙකු ම මාලක දේවප්‍රියගෙ "බහුචිතවාදියා" චිත්‍රපටයේ අපට හමුවෙනවා. වීණා, දමිතා, සහ සමනළී එහි ප්‍රමුඛ යි.
මැයි 30 සිට මේ අය 'බහුචිතවාදියා' සමග කරන දේ ප්‍රේක්ෂකයාට හෙළිවෙයි.
මාලිනී දැරූ කිරුළ සමණළී වැනි අයට දැරීමට ඉඩ ලැබෙයිද? ඩිජිටල් යුගය හරිම වෙනස් කියල විතරයි දැනට පෙනෙන්නේ.....
සටහන - ආචාර්‍ය අතුලසිරි සමරකෝන්
(Lecturer at Open University Of Srilanka)
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ Facebook පිටුවෙන්)