lan englan tam

පුවත්

Miss world 2025 : අනුදි ගුණසේකර ‘Multimedia Challenge’ අංශයේ ආසියාවෙන් දෙවෙනි තැන දිනයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'Miss world 2025' තරගාවලියේදී 'Multimedia Challenge' තරගයේ ආසියානු කලාපයේ අනුශූරිය බවට පත් වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර සමත් වී තිබෙනවා.

ඒ අනුව මෙම තරග අංශය නියෝජනය කරමින් මෙවැනි ජයග්‍රහණයක් ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා බවටයි ඇය වාර්තා අතරට එක් වන්නේ.

මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලියට ඉදිරිපත් වූ 108 දෙනෙක් අතරින් 'Multimedia Challenge' වටයේ ගෝලීය ජයග්‍රාහකයන් අට දෙනා අටරට පැමිණීමට ඇය සමත්ව තිබීම විශේෂත්වයක්.

'Multimedia Challenge' තරග අංශයේ ආසියානු කලාපයේ පළමු ස්ථානය තායිලන්තයට හිමි වූවා.

අනුදි ගුණසේකර Miss world 2025  තරගාවලියේ මීට දින කිහිපයකයට පෙර පැවති ‘Head to Head Challenge අංශයෙන් ද තරඟකාරිනියන් 107 දෙනෙකු අතරින් අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබුවේ එම වටයේ ආසියානු සහ ඕෂනියා කලාපයේ හොඳම පස් දෙනා අතරට පැමිණෙමිනි.

Back to top
Go to bottom