විමල් කැටිපෙආරච්චි මහතා ස්වාධීන රූපවාහිනියේ ක්‍රියාකාරී අධ්යක්ෂවරයා ලෙසත්, එහි හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ ධනුෂ්ක රාමනායක ගුවන් විදුලියේ ක්‍රියාකාරී අධ්යක්ෂ ලෙසත් පත්කර තිබේ.
කැටිපේ ආරච්චි , “රටකකට ඕනෑ අපමන අගයක් - හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්” යන ගීතයේ පද රචකයාද වේ.
කැටිපේ මාධ්‍යවේදීයකු, සමාජ දේශපාලන ක්‍රියාකාරියකු හා සාහිත්‍යවේදීයකු ලෙසද කටයුතු කරන්නෙකි.
ඔහු ස්වර්ණවාහිනියේ සහාය නිෂ්පාදකයකු, රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ප්රවෘත්ති සංස්කාරවරයකු ලෙස මෙන්ම ශ්‍රී fm හි නිවේදක සහ නිෂ්පාදකයකු ලෙස ද කටයුතු කර ඇත.
ස්වාධීන රූපවාහිනියේ “සත්‍යාගාරය” වැඩසටහනේ රචකයා මෙන්ම එහි සංකල්පනාවද ඔහු සතු එකක් වන අතර නිදහස් මාධ්‍යවේදියකු ලෙස හිරු ටීවී හි “සලකුණ” වැඩසටහන ද මෙහෙයවනු ලබයි.
`ලංකා` ඉරිදා සංග්‍රහයේ හා `ජනරළ` ඉරිදා සංග්‍රහයේ දේශපාලන කර්තෘවරයා ලෙස ද වර්තමානයේ `සත්හඬ` සතිඅන්ත පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා ලෙසද කටයුතු කරනු ලබයි.