ප්‍රකට ගායිකාවක සහ ගීත රචිකාවක වන Adele සිය සංගීත චාරිකාවේ ලන්ඩනයේ පැවැත්වීමට නියමිතව තිබූ අවසාන ප්‍රසංග 2 අවලංගු කර තිබුණි.
ඇගේ ස්වර තන්ත්ර තුවාල වීම නිසා වෛද්‍ය උපදෙස් මත මෙම තීරණය ගැනීමට බල කෙරුණු බව Adele ප්‍රකාශ කර ඇත.
ජූලි 1 සහ 2 වැනිදා ලන්ඩනයේ වෙම්බ්ලි ක්‍රීඩාංගනයේදී ප්‍රසංගය පැවැත්වීමට නියමිතව තිබුණි.
“ වෛද්‍ය උපදෙස් අනුව මට මේ සතිය තුළ ගායනය කරන්නට සිදු වන්නේ නැහැ. එයින් මගේ හිත බිඳිලා තියෙන්නේ,”
ඇගේ සෞඛ්‍ය තත්වය හේතු කොටගෙන මිට පෙර ද දෙවතාවක්ම ප්‍රසංග අවලංගු කිරීමට සිදු වී තිබුණි.
2011 දී සජීවී ප්‍රසංග මාලාවක් අතරතුර Adele ගේ උගුර ආශ්රිත රුධිර නාලිකාවකින් රුධිරය වහනය වීම නිසා ඇය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන ඇත.
එසේම 2011 ජුනි මස පැවැත්වීමට තිබූ ඇමරිකා එක්සත් ජනපද ප්‍රසංගය ද අවලංගු කිරීමට ඇයට සිදු විය.