සම්භාව්‍ය ග්‍රීක නාට්‍ය රචක යුරිපිඩිස්ගේ The Trojan Women හි සිංහල අනුවර්තනය වන,ප්රවිණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ට්‍රෝජන් කාන්තාවෝ වේදිකා නාට්‍යය ජූලි මස 9 වැනි දින රාත්‍රී 7 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගත වීමට නියමිතය.
ට්‍රෝජන් කාන්තාවන්ට වසර 17 ක් පිරිම නිමිත්තෙන්, ත්‍රිකෝණ සංස්කෘතික පදනමේ ගොඩනැගිලි අරමුදලට ආධාර පිණිස මෙවර දර්ශන වාරය පැවැත්වෙනු ඇත.
මෙහි තවත් දර්ශන දෙකක් මෙම වර්ෂය තුළ මාතර සහ යාපනය නගරවලදී වේදිකා ගතවීමට සුදානම්ය.
අනෝජා වීරසිංහ , නීල් අලස්, මීනා කුමාරි, යශෝධා විමලධර්ම, ජෙහාන් ඇලෝෂියස්, චරිත් සේනානායක,උපුල් නිශාන්ත සහ නිල්මිණි බුවනෙක ඇතුළු නවක රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් මෙහි රංගන දායකත්වය ලබා දෙයි.
ට්‍රෝජන් කාන්තාවෝ හි සිංහල පරිවර්තනය අරියවංශ රණවීර ,ගීත ප්‍රබන්ධය රත්න ශ්‍රී විජේසිංහ, සංගීතය රූකාන්ත ගුණතිලක සහ අංග රචනයෙන් වසන්ත විට්ටච්චි දායක වී ඇත.