කලාකීර්ති ධර්මසිරි බණ්ඩාරනායක මහතා ජනාධිපති කාර්යාලයේ සංස්කෘතික අධ්යක්ෂ ජෙනරාල්වරයා ලෙස අද (04දා) පත්කර තිබේ.
ප්රවීණ චිත්රපට අධ්යක්ෂකවරයෙකු මෙන්ම තිර රචකයෙකු ,වන ඒ මහතා 1980 වසරේ හංස විලක් චිත්රපටය එළිදැක්වීය. පසුව සුද්දිලාගේ කතාව, බවකර්ම , බව දුක, තුන්වෙනි යාමය, ඇතුළු චිත්රපට රැසක් අධ්යක්ෂණය කළ අතර සම්මාන රැසකින් ද පිදුම් ලැබීය.
ඔහු පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු වන අතරම සිවිල් ක්රියාධරයෙකු ලෙසද ප්රකටය.