සුපිරි තරු රජිනිකාන්ත්ගේ “2.0” චිත්‍රපටය තිරගත වීමට නියමිතව ඇත්තේ 2018 ජනවාරි 25 වැනිදා එනම් ජනරජ දිනයේ බව මිට මාස කිහිපයකට ඉහතදී චිත්‍රපට සංවිධායකයන් නිළ වශයෙන් ප්‍රකාශ කළා.
නමුත් එම නිළ නිවේදනයට පෙර “2.0” තිරගත වීමට සුදානම් කොට තිබුණේ මෙම වසරේ ඔක්තෝබර් මස දීපවාලී දිනයේදියි.
ආලෝක මංගල්‍යයේදී සිනමාපටය මහජනයාට විවෘත කිරීමට අපහසු බව තහවුරු කරගත් පසු විජයගේ “ මර්සාල්” චිත්‍රපට මෙම වසරේ ඔක්තෝබර් මස තිරගත වනු ඇති බව “මර්සාල්” හි නිර්මාණකරුවන් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් දිනෙන් දින කල් යන “2.0” එළැඹෙන වසරේ අප්‍රේල් මස තෙක් තව කල් යනු ඇති බවත් රජිනිකාන්ත්ගේ “කාලා” සිනමාපටය ජනවාරි, තෛපොංගල් උත්සව සමයේ එළිදැක්වෙනු ඇති බවටත් පසුගියදා රාවයක් පැතිර ගියා.
මේ පිළිබඳව අදහස් දක්වමින් “2.0” හි නිර්මාණ ප්‍රධානි රාජු මහලිංගම් 5 බදාදා මධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ රූගත කිරීම් අවසන් කර මේ වන විට තාක්ෂණික කටයුතු සිදු කරන බැවින් 2018 ජනවාරි 25 වැනිදා සිනමාපටය තිරගත කිරීමට නියමිත බවයි .
ශංකර් විසින් අධ්‍යක්ෂණය කරන “2.0” 2010 දී එලි දැක්වුණු “ එන්තිරන්” සිනමාකෘතියට අළලා සැකසුනකි.
සිනමාවේ බොහෝ බලාපොරොත්තු තබා ඇති මෙම නිර්මාණයට රජිනිකාන්ත්ට සමඟ ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ බොලිවුඩ් සුපිරි තරු අක්ශේ කුමාර්ය.
මෙහි සංගීත නිර්මාණය ලෝක ප්‍රකට සංගීතවේදී A.R. රාහුමාන්ගෙනි.