ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලබා සිටින මානව හිමිකම් ක්‍රියාධාරිනියක සහ සම්මානලාභී කතුවරියක වන අරුන්දතී රෝයි, උසාවියෙන් සමාව ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම නඩුව නාග්පූර් මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් 03 සඳුදා විභාගයට ගෙන ඇත.
ආබාධිත, හිටපු දිල්ලි විශ්වවිද්‍යාල මහාචාර්ය G.N. සායිබාබා ට විරුද්ධව ශ්‍රේෂ්ටාධිකරණය ලබාදුන් තීන්දුව සහ ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වීම විවේචනයට ලක් කිරීම නිසා කතුවරියට එරෙහිව 2015 දී අපහාස නඩුවක් ගොනු විය.
සායිබාබාට එරෙහි මහාධිකරණ නඩු තීන්දුව පිළිබඳව සිය පෞද්ගලික සංවේගය පල කරමින් Outlook සඟරාවේ පල කළ ලිපියක් මෙයට හේතු විය.
මාවෝවාදී කැරලිකරුවන්ට සම්බන්ධ බවට තිබූ චෝදනාව මත 2014 වසරේදී අත්අඩංගුවට ගන්නා ලද සායි බාබාට, කැරලිකරුවන්ට රැකවරණය සැපයීමේ චෝදනාව ලැබීම නිසා 2017 මාර්තු මස දී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි විය.
සායිබාබා සියයට අනුවක්ම ආබාධිත තත්වයේ පසුවන පුද්ගලයෙකි. පිරිහෙන සෞඛ්‍ය තත්වය නිසා ඔහුට නිරන්තර වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය කෙරේ.
කෙසේ වෙතත් සඳුදා පැවති නඩු විභාගයේදී ඇපෑලක් ඉදිරිපත් කිරීම සඳහා අගවිනිසුරු ජේ එස් කේහර් සහ ඩී වයි චන්ද්‍රචුද් , අරුන්දතී රෝයි ට අවසර ලබා දී තිබේ.
එසේම නාග්පූර් විනිසුරු මණ්ඩලය විසින් බොම්බේ ශ්‍රේෂ්ටාධිකරණයේ සාපරාධි අපහාස නඩුවක් ගොනු කිරීමට එරෙහිව ඇය ඉදිරිපත් කළ අභියාචනය, අවසාන නඩු විභාගයේදී සලකා බලනු ඇත.