ජනප්‍රිය ලේඛිකාවක් වන බුද්ධිනී ජයවර්ධන විසින් රචිත නවකතාව වන 'සඳ කිඳුරී' පදනම් කරගනිමින් මේ මමයි ටෙලි නාට්‍ය ලෙස අද 19 සිට සතියේ දිනවල රාත්‍රී 8ට ITN දින ප්‍රේක්ෂකයින් හමුවට ගෙන එයි.
අදාල ටෙලි නාට්‍යයේ තිර රචිකාවියද වන්නේ බුද්ධිනී වන අතර එහිතේමා ඇති ගීතද ඇයවිසින්ම රචනා කර තිබේ.
මේ මමයි හි ප්‍රධාන චරිතවලට පියුමි බොතේජු රොෂාන් පිලපිටිය චන්දික නානයක්කකාර හා බුද්ධික ජයරත්න යන නළු නිළියන් දායකව ඇති අතර
කුසුම් පෙරේරා, නිල්මිණී බුවනෙක, මානෙල් වානගුරු ,අංජලී ලියනගේ ,ඉෂාන් මෙන්ඩිස් , නිල්මිණි සිගේරා, පඹසරා මධුෂානි හා බුවිනි චාපා සෙසු චරිත මවති.
සුමේන්ද්‍ර කිතුල්ගොඩ අධ්‍යක්ෂණයෙන් දායකවන අතර බුද්ධික ඉන්ද්‍රජිත් හා ජනක මාපිටිගම කැමරාකරණයට දායකවී සිටිති.
ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනී සිය පළමු ටෙලිනාට්‍ය සංගීත අධ්යක්ෂණයට එක්වෙමින් මෙහි තේමා ගීත ගායනය කරනු ලබයි.
'මේ මමයි' ටෙලි නාට්‍ය පිළිබඳ බුද්ධිනී ජයවර්ධන 'මිරර් ආට්ස්' වෙත මෙසේ අදහස් දක්වා සිටියාය,
සිනමා මාධ්යවේදිනියක්ගේ ජීවිතය තේමාව කර ගත් එකක්. ඇය වටේ තමයි නාට්‍ය ගොඩ නැගෙන්නේ. ඇය ආදරයට බොහෝම කැමති ආදරයට සංවේදි කෙනෙක්. ආදරය නිසා පරාජයවෙලා, ආදරය නිසා රැවටිලා ජීවිතේ ගොඩක් හැලහැප්පීම් එක්ක ජීවිතේට තනියෙන් මුහුණ දෙද්දී සමාජයෙන් සමහරුන්ගෙන් එන බපලපෑම් වලට මුහුණ දී ගෙන ආයෙමත් ආදරය හින්දම ජීවිතය ස්ථාවර කර ගන්න, කඩා නොවැටෙන කෙනෙක් වටා තමයි මේ කතාව ගොඩනැගෙන්නේ.
මෙහි තවත් විශේෂත්වයක් තමයි නිරෝෂා විරාජිනීගේ ගේ පළමු ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය කරමින් මෙහි තේමා ගීතය ගායනා කරන්න්නෙත් ඇයයි.
මම විශ්වාසකරන විදියට මේක වෙනස් විදියේ නිර්මාණයක් වෙයි. රූගත කිරීමේ සිටම වෙනස්. අතීතය වර්තමානය විදියට දර්ශන කැඩෙනවා. කාන්තාව කේන්ද්‍රකර ගත් ,සරල හැබැයි කෙනෙක්ගේ ජීවිතයට යමක් එකතු කර ගන්න පුළුවන් හැගුම්බර නිර්මාණයක් කියලා කියන්න පුළුවන්.
https://casite-737679.cloudaccess.net/news/1921-buddhini-jayawardhane#sigProId26a6b15906