සත්පත්තිනි වැනි ප්‍රේක්ෂකයාගේ හදවතේ ලැගුම් ගත් ටෙලි නිර්මාණයන් අප හමුවට ගෙන ආ මනෝහාරී හේවාවසම්ගේ නවතම ටෙලි අත්දැකීම වන “ළමා ටෙලි පෙරහැර” මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුණි.
උළෙල සඳහා කලාකරුවන් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.
මෙරට ප්‍රාචීන සාහිත්‍යධරයන්ගේ සාහිත්‍ය කෘති 10 අසුරුකරගත් ළමා ඒකාංගික ටෙලි නාට්‍ය කතාංග මාලාවක් ලෙසින් මෙය නිර්මාණය වීමට නියමිතය.
මේ සඳහා ජීබී සේනානායක, කේ ජයතිලක, ජයතිලක කම්මැල්ලවීර, රංජිත් ධර්මකීර්ති, ආචාර්ය සරත් විජේසූරිය, උපුල් වනිගසූරිය, නිශ්ශංක විජේමාන්න, කීර්ති වැලිසරගේ, හේවී කුලරත්න, අභය වංශ දේශප්‍රිය රචකයන් විසින් රචිත කෘති ඇසුරු කරගන්නා අතර එයින් තිර රචනාවක් සකසන්නේ අරුණ ප්‍රේමරත්න, කසුන් මහේන්ද්‍ර හීනටිගල, කපිල එම් ගමගේ, නර්මදා කුමුදුනී රණවීර, ලංකා බණ්ඩාරණායක, රජීව් ආනන්ද සහ අරුණ ජයවර්ධන යන අයයි.
මෙහි සංගීතය රෝහණ වීරසිංහ, කැමරාකරණය කුලරුවන් ගමගේ සහ චනක, සංස්කරණය රුක්මල් නිරෝෂ්, ප්‍රධාන සහය අධ්‍යක්ෂණය චාමර සේලාර, ප්‍රියන්ත ශ්‍රී සමරකෝන්, වේෂ නිරූපණය හර්ෂ මංජුල, ඇඳුම් නිර්මාණය අමා විජේසේකර, කලා අධ්‍යක්ෂනය අජන්ත අලහකෝන්, නිෂ්පාදන කළමණාකරණය අංජන අශුබෝධ, නිශ්චල ජායාරූප සංදේශ බණ්ඩාර, උපදේශකත්වය ආචාර්ය සුනිල් ආරියරත්න, නිෂ්පාදනය නිල්මිණි දිරසේකර, බුද්ධික කහරුගමුව විසිනි.
හොඳම දේ පළමුවත් දෙවනුවත් දරුවන්ටම ලබා දෙමින් “ළමා ටෙලි පෙරහැර” විකාශය කිරීමට නියමිතව ඇත්තේ ජාතික රුපවාහිනිය ඔස්සේ ය.
https://casite-737679.cloudaccess.net/news/2185-lama-teli-perahara#sigProId52b886fbc9