සිංහල සිනමා වංශ කතාවට ගැහැණු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, ලොකුදුව ඇතළු චිත්‍රපට රැසක් දයාද කළ සුමිත්‍රා පීරිස් ගේ නවතම සිනමාපටය “වෛෂ්ණාවී” මංගල දර්ශනය ඊයේ දින රීගල් සිනමාශාලාවේ දී පැවැත්වුණි.
මහා සිනමාවේදි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් ගේ 99 වැනි ජන්ම දිනයට සමගාමීව මෙම කටයුත්ත සංවිධාන කර තිබීම විශේෂත්වයක්.
සිනමාපටය සඳහා රංගන දායකත්වය සැපයු රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් මෙන්ම සම්භාව්‍ය අමුත්තන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
“වෛෂ්ණාවී” ප්‍රවීණ රංගනවේදී ටෝනි රණසිංහයන් ලියු අවසන් තිරකතා රචනයද වේ.
මෙහි රංගනයෙන් තුමිදු දොඩම්තැන්න, යශෝධා විමලධර්ම, සමාධි අරුණ යාපා, අයිරාංගනී සේරසිංහ, ජයලත් මනෝරත්න, ටෝනි රණසිංහ, වසන්ති චතුරාණි, මහේන්ද්‍ර පෙරේරා, රෝහණ බැද්දගේ, වීණා ජයකොඩි, රොෂාන් පිලපිටිය, ක්ලීටස් මෙන්ඩිස්, තෙෂාරා ජයවර්ධන ඇතුළු පිරිසක් දායක වූ අතර කැමරා අධ්‍යක්ෂණයෙන් ඩොනල්ඩ් කරුණාරත්න, සහය අධ්‍යක්ෂණයෙන් වී. උපාලි පෙරේරා, දෘශ්‍ය ප්‍රයෝග සහ සංස්කරණයෙන් දුලාර චමත් පරණවිදාන, අංග රචනයෙන් ඊබට් විජේසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් උපතිස්ස ඉලංගකෝන්, සංගීත අධ්‍යක්ෂණයෙන් නිමල් මෙන්ඩිස් හා සංගීත සංයෝජනයෙන් සුරේෂ් මාලියද්ද, ගීත රචනයෙන් රත්න ශ්‍රී විජේසිංහ හා නිමල් මෙන්ඩිස්ද, ගායනයෙන් ඉන්දිකා උපමාලි, මීනා ප්‍රසාදිනී හා රුක්මන් අසිතද සම්බන්ධ වූ මෙම චිත්‍රපටය මනෝ නානායක්කාරගේ නිෂ්පාදනයකි.
https://casite-737679.cloudaccess.net/news/2981-waishnaawee-premium#sigProId38fa11e9e7
ඡායා: ශිතන් ගුණවර්ධන