ප්රජාතන්ත්රවාදය සුරකින යහපත් දේශපාලන සංස්කෘතියක් උදෙසා....
ප්රජාතන්ත්රවාදය සුරකින යහපත් දේශපාලන සංස්කෘතියක් උදෙසා කරනු ලබන "නියෝගය" යන මැයෙන් සංවිධානය කරන ලද තරුණ විරෝධතාවයක් ඊයේ (02) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්රයේ දී දී පැවැත්වුණි.
"අලුත් පියාපත්" නම් සංවිධානය විසින් සංවිධාන කළ මෙම අවස්ථාව සඳහා ආගමික නායකයින්, විවිධ සංවිධාන නියෝජනය කරමින් තරුණ තරුණියන්, වෘත්තිකයින් සහ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
මෙම විරෝධතාවය සඳහා විවිධ නිර්මාණාත්මක අංග කිහිපයක් එක් කොට තිබූ අතර විරෝධතා පුවරු ප්රදර්ශනය කිරීමත්, විරෝධය දක්වන සිතුවම් නිර්මාණය කිරීමත්, විරෝධාකල්ප ගීත ගැයීමත් මෙන්ම ප්රාසාංගික කලා නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කිරීමත් මෙහිදී සිදුවිය.
එසේම වර්තමානයේ රට පත්ව ඇති අර්බුදයට විසඳුම් ලබා දෙන ලෙස දේශපාලකයන් වෙත බල කරමින් තරුණ නියෝගයක් ද එහිදී ඉදිරිපත් කර තිබුණි.
https://casite-737679.cloudaccess.net/news/4399-aluth-piyapath#sigProId73cab9f7c9