2019 ගෝල්ඩන් ග්ලෝබ් සිනමා සම්මාන උළලේ ජයග්රාහකයින් මෙන්න
76 වැනි වරට සංවිධාන කළ මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සිනමා සම්මාන උළලේ හොඳම සිනමාපටය ඇතුළු ප්රධාන සම්මාන දෙකක් තමන් සතු කරගැනීමට Bohemian Rhapsody සිනමාපටය සමත් විය.
සම්මාන රාත්රිය 06 ඉරිදා ඇමරිකා එක්සත් ජනපද ලොස් ඇන්ජලිස් නුවර දී පැවත්වුණි.
Freddie Mercury නම් ලෝක ප්රකට ගායන ශිල්පියාගේ ජිවිත කතාව අළලා සැකසුණු Bohemian Rhapsody සිනමාපටයේ ප්රධාන චරිතය නිරුපනය කළ Rami Malek හොඳම රංගන ශිල්පියා ලෙස එහිදී ඇගයීමට ලක්වුණි.
වැඩි බලාපොරොත්තු තැබූ මෙන්ම සම්මාන 5 ක් වෙනුවෙන් නිර්දේශ ලබා සිටි A Star Is Born සිනමාපටයට ලබා ගැනීමට හැකි වුයේ එක් සම්මානයක් පමණි. ඒ හොඳම ගීතය වෙනුවෙනි.
හොඳම ගීතමය හෝ ප්රහසන සිනමාපටය, හොඳම තිරරචනය සහ හොඳම සහය නළුවා යන සම්මාන ත්රිත්වය දිනාගැනීමට Green Book සිනමාපටයට හැකිවිය.
මෙවර සම්මාන රාත්රියේ අනෙකුත් පුදුමය වන්නේ The Wife චිත්රපටය වෙනුවෙන් Glenn Close හොඳම රංගන ශිල්පිනිය සම්මානය තමන් සතු කරගැනීමට සමත් වීමයි. එම සම්මානය A Star Is Born සිනමාපටයේ රඟපෑ ප්රකට ගායන සහ රංගන ශිල්පිනි Lady Gaga හට හිමිවේ යැයි බොහෝ දෙනෙක් මත පළ කර තිබුණි.
ගෝල්ඩන් ග්ලෝබ් සිනමා සම්මාන උළලේ ප්රධාන සම්මාන බෙදී ගිය අයුරු,
Best film drama - Bohemian Rhapsody
Best film comedy or musical - Green Book
Best actor in a film drama - Rami Malek (Bohemian Rhapsody)
Best actress in a film drama - Glenn Close (The Wife)
Best actor in a film comedy/musical - Christian Bale (Vice)
Best actress in a film comedy/musical - Olivia Colman (The Favourite)
Best TV drama - The Americans
Best TV comedy - The Kominsky Method
Best actor in a TV drama - Richard Madden (Bodyguard)
Best actress in a TV drama - Sandra Oh (Killing Eve)
Best actor in a TV comedy - Michael Douglas (The Kominsky Method)
Best actress in a TV comedy - Rachel Brosnahan (The Marvellous Mrs Maisel)
Best limited TV series - The Assassination of Gianni Versace: American Crime Story
Best actor in alimited TV series - Darren Criss (The Assassination of Gianni Versace)
Best actress in alimited TV series - Patricia Arquette (Escape at Dannemora)
https://casite-737679.cloudaccess.net/news/4588-golden-globe-19#sigProId5719991c3b