“ගොඩනැගිලිවලට අර්ථයක් එන්නෙ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගෙන්” ප්‍රගීත් රත්නායකගේ වැඩක්
කැලණි විශ්වවිද්‍යාල ලලිත කලා පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් විසින් සිය අවසන් විභාග ව්‍යාපෘතිය වශයෙන් පවත්වනු ලබන කලා ප්‍රදර්ශනයක් මේ දිනවල කොළඹ JDA පෙරේරා කලාගාරයේ දී පැවැත්වෙයි.
ඔක්තෝබර් 29, 30 දෙදින පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ දී විවිධ ශානරවල කෘති කලාගාර අවකාශයෙන් ඇතුළත මෙන්ම පිටත දී ද දැකගත හැකි ය.
ප්‍රදර්ශනයට එක් වූ කලා ශිල්පී ප්‍රගීත් රත්නායකගේ “එකලස් රූප” කලාගාරයෙන් එළියටවිත් මහජනයා වෙත සමීප වුයේ මෙලෙසින්,
“ගොඩනැගිලිවලට අර්ථයක් එන්නෙ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගෙන්.
මාගේ පශ්චාත් උපාධි විභාග ව්‍යාපෘතිය කලාගාර අවකාශයෙන් එළියට ඇවිත් මහජනයා එක්ක කෙලින්ම සම්බන්ධ වන Public Art එකක්. මුලු ගොඩනැගිල්ලේම මුහුණත මම මෙතනදි විසංයෝජනය කරනවා. චිත්‍රයක් ද,මූර්තියක් ද කියල නමක් දෙන්න බැරි Art work එකක් .art work එකේ bodi එකෙන් ගැලරි අවකාශයට ඇතුලු වීමම වියමනක් හරහා තව වියමනක් බවට පත් කෙරෙන අන්තර් වියමනක් කියල මේක හඳුන්වා ගන්නත් පුලුවන්.අද සහ හෙට සිට JDA කලාගාර පරිශ්‍රයේදී මහනජයා සඳහා විවුර්තයි.වෙනදා දැකපු ගොඩනැගිල්ල වෙනස් ආකාරයකින් දකින්න එන්න මගේ මිත්‍රවරුනි.මෙය මෙතනින් අවසාන වන කලාකෘතියක්.මෙය නැවත දකින්න ලැබෙන්නෙ නෑ.”
https://casite-737679.cloudaccess.net/news/5967-prageeth-191030#sigProIddbdcf5c7c3