මහානාම හිමියන්ගේ නවතම සංගීත නිර්මාණය ඇතුලත් රූප රචනාව “WallStory”
WallStory බිබිලාදෙණියේ මහානාම හිමියන්ගේ නවතම සංගීත නිර්මාණය ඇතුලත් රූප රචනාව වන අතර මෙම සංගීත කෘතිය හරහා මිනිස් මනසේ කැළඹීම, ආදරය, ශෝකය, තනිකම ආදී හැඟීම් පිළිබඳව සංගීතමය භාෂාවකින් හදවත් ආමන්ත්රණය කරයි.
මිනිසා උපතේ සිට මිය යන කාලය දක්වා අත්දැකීම්, මතකයන් සමඟ ඇතිවන මානසික බැඳීම පිළිබඳව මෙම සංගීත කෘතිය ඔස්සේ ඉදිරිපත් කරයි. විනාඩි 4ක් වැනි කෙටි කාලයක් පුරා වාදනය වන මෙම නිර්මාණය නව සංගීත රිද්මයන් හා තාක්ෂණික ශබ්දයන් සමඟ සම්මිශ්රණය වූ සංගීත කෘතියක් වන අතර වාදනයෙන් නදීක ජයවර්ධන, ප්රියල් දිසානායක, දිල්රුක් සමරදිවාකර, දිල්ශාන් මලිත්, පමල්ක මන්ජිත, ඇන්ඩ්රියා ක්ලෙමන්ට්, ස්වෙට්ලානා ක්ලේමෙන්ට් සහය වේ.
රූප රචනා අධ්යක්ෂණය අයේෂ් අබේසේකරගෙනි. එමෙන්ම රංගන ශිල්පී කලණ ගුණසේකර රංගන ඔස්සේ දායක වේ. මෙම නිර්මාණය ලබන වසර මුල දී https://bit.ly/37glssz යන YouTube නාලිකාව හරහා එළිදැක්වීමට අදහස් කරයි.
https://casite-737679.cloudaccess.net/news/6033-mahanama-himi-wallstory-191119#sigProId4e6b39b2bc