1962 වර්ෂයේදී මෙලොව හැර ගිය ඇය අදත් හොලිවුඩ් ලෝකයේ නොමියන තරුවක් ලෙස සිනමා ලෝලීන්ගේ හදවත් වල ජීවමානව සිටින්නීය.
මොන්රෝ (Marilyn Monroe) ලෝකයේ ජීවත්වුනු සරාගීම කාන්තාව කියලා තමයි බහුතරයක් කිව්වේ.ඇමරිකානු ජනාධිපති කෙනෙඩි ගෙ පෙම්වතිය වූ නිසාම ජීවිතෙන් වන්දිගෙවන්න වුනු තාරකාවක් කියලත් කිව්වා.
ජනප්රියත්වයේ හිණිපෙත්තට නැඟි මැර්ලින් දුකින් සිටි නිළියක් ලෙසයි ප්රසිද්ධ වුණේ.
“හොලිවුඩ් කියන්නේ ඔබට හාදුවක් වෙනුවෙන් ඩොලර් දහස් ගණනක් ගෙවන එනමුත් ඔබේ ආත්මය වෙනුවෙන් ශත පනහක් ගෙවන තැනක්” යනුවෙන් මැර්ලින් වරක් පවසා තිබුණි.
එසේම හුදෙකලාව නිසා නිරන්තරයෙන් දුක් විඳි මැර්ලින්, වෙනත් කෙනකු හා සිටිමින් අසතුටින් සිටිනවාට වඩා තනියම අසතුටින් සිටීම හොඳ යැයි ද පැවසුවාය.
මේ ඇගේ දුර්ලභ ඡායාරූප කිහිපයකි.
ඡායා- marieclaire
https://casite-737679.cloudaccess.net/news/621-arilyn-monroe#sigProIdabac28f3f7