දේශීය කථානාද සිනමාවේ 73 වැනි සැමරුම
දේශීය කථානාද සිනමාවේ 73 වැනි සැමරුම සහ චිත්‍රපට සංස්ථාවේ 48 වැනි සැමරුම් උලෙළ පසුගිය දා (21) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වුණි.
ප්‍රවීන කලාකරුවන් දස දෙනකුට විශ්‍රාම වැටුප් ප්‍රධානය සහ චිත්‍රපට සංස්ථාව විසින් ජාත්‍යන්තර සිනමා සංරක්ෂණ ආයතනයන්හි සහයෝගීත්වයෙන් සංවිධානය කළ "චිත්‍රපට පෝස්ටර් ඡායාරූප හා ලේඛන සංරක්ෂණ වැඩමුළුව" ට සහභාගී වුවන්ට සහතික පත් ප්රදානය ද මෙහිදී සිදුවිය.
සැමරුම් උලෙළට චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස, ක්‍රියාකාරී අධ්යක්ෂ රොහාන් වැලිවිට ඇතුළු ප්‍රවීන සිනමාවේදීන්, ප්‍රවීන රංගන ශිල්පින් ශිල්පිනියන්, නිෂ්පාදකවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.
https://casite-737679.cloudaccess.net/news/6280-cinema-lk-200123#sigProId85b271907f