චිත්‍රා - වර්ක්ස් ස්වර්ණ ජයන්තිය සමරයි
ප්‍රවීන කලා ශිල්පින් යුවලක් වන විජේරත්න වරකාගොඩ සහ චිත්‍රා වරකාගොඩ සිය පනස් වැනි විවාහ සංවත්සරය පසුගියදා සමරනු ලැබුවා.
ඒ වෙනුවෙන් සංවිධානය කළ ස්වර්ණ ජයන්ති සාදය ගල්කිස්ස මහ හෝටලයේ දී පැවැත්වූණි.
කලා ශිල්පින්, සම්භාව්‍ය අමුත්තන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටිය හ.
විජේරත්න වරකාගොඩ සහ චිත්‍රා වරකාගොඩ විවාහ දිවියට එළඹුණේ 1970 දී ය. ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ දී පැවැත්වුණු එම විවාහ උත්සවය ප්‍රති නිර්මාණය කරමින්, 50 වැනි විවාහ සංවත්සරය සංවිධානය කර තිබීම විශේෂත්වය කි.
1970 වසරේ දී ඔවුන්ගේ විවාහයේ සිටි දෙවන මනාලයන්, දෙවන මනාලියන් සේම මල් කුමාර කුමරියන් ද මෙදින ඒ ආකාරයටම සැරසී සිටිය හ.
ඡායාරූප : උපුටා ගැනුණි
https://casite-737679.cloudaccess.net/news/6311-chithra-waraks-200129#sigProId18ca575ced