ඇමරිකාවේ මියාමි හි පැවති Super Bowl Half Time ප්‍රසංගය මෙවර ආලෝකමත් වූයේ ලෝක ප්‍රකට ගායන, නර්තන ශිල්පිනියන් දෙදෙනකු වන ජෙනිෆර් ලෝපේස් සහ ශකිරා ගෙනි.
පෙබරවාරි 2 වැනිදා පැවති ප්‍රසංගයේ දී මේ ලතින් ශිල්පිනියන් දෙදෙනා ගායනය, නර්තනය සහ ඩ්‍රම්ස් වාදනයෙන් පවා ප්‍රේක්ෂකාගාරය මවිත කරන්නට සමත් වී තිබුණි.
ඇමරිකානු පාපන්දු තරග පැවැත්වෙන කාලයේ දී සම්ප්රදායක් වශයෙන් සිදු කෙරෙන Super Bowl Half Time ප්‍රසංගය ඉකුත් වසර දෙක තුල දී ඇල් මැරුණු ස්වභාවයක් ගත් අතර එය මේ වසරේ දී ලොව පුරා කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත් කිරීමට ජේ ලෝ සහ ශකිරාගේ ආකර්ශනීය ඉදිරිපත් කිරීම් හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර යි.
එය 2018 වසරේ දී ජස්ටින් ටිම්බර්ලේක් සහ 2019 වසරේ දී මැරූන් 5 කණ්ඩායමේ ඉදිරිපත් කිරීම්වලට වඩා ඉතාමත් ඉහලින් තිබූ බව යි සඳහන් වන්නේ.
ජේ ලෝ සහ ශකිරා ඔවුන්ගේ ජනප්‍රියතම ගීත 20ක් විනාඩි 12 වැනි කෙටි කාලයක් තුළ ඉදිරිපත් කරන්නට සමත් විය. සමහර ගීත ගායන සඳහා ලෝපේස්ගේ දියණිය ද එක්ව සිටීම විශේෂත්වය කි. ජේ. බෝල්වින්, බෑඩ් බනී ආරාධිත ගායකයින් ලෙස ඊට සහභාගී විය.
ප්‍රසංගයේ ඉදිරිපත් කිරීම් කරන්නට මොහොතකට පෙර “ලතින් ගැහැණු ළමයි දෙන්නෙකුට කරන්න පුළුවන් මොනාද කියලා ලෝකෙටම පෙන්නමු” යි ජෙනිෆර් ලෝපේස්, ශකිරාට කියා තිබුණි.
ප්‍රතිචාර දෙස බැලූ විට ඔවුන් දෙදෙනාගේ අරමුණ සාර්ථකයි කියා අමුතුවෙන් කියන්නට වුවමනා නැත.
https://casite-737679.cloudaccess.net/news/6331-jlos-shakiras-cncrt-200203#sigProId8f095ee27e