ඉතින් ඇය බොහෝ අයගේ ආදරණීය සිබිල් නැන්දාය. ඇය කතා ලිවීමේ පමණක් නොව කතා ඇඳීමේ ශූරියක වූවාය. ඇය ලංකාවේ දරුවන්ගේ ආදරණීය ළමා කතා කාරියයි. සිබිල් ගේ ළමා පොතක නොකියවූ දරුවෙක් වේදවැඩිහිටියෙක් වේද ... ඇය ලොකු කුඩා කාගේත් ආදරය දිනාගත් ලෙඛිකාවක චිත්‍ර ශිල්පිණියක වූවාය.
1927 ගිතොටදී උපන් ඇය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ගිංතොට ගමේ පාසලකිනි.අනතුරුව පවුලේ වැඩිහිටියන් සමග කොළඹ ට පැමිණි ඇය කොළඹ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ ඇයගේ උසස් අධ්‍යාපනය හැදෑරුවාය.
සිබිල් නැන්දා ගමට ආදරේ කළ ගම අමතක නොකළ ගැමි දියණියක් විය. ඇයගේ බොහෝ කතාවල ට මූූලයන් ගමෙන් ලද ආභාෂයන් බව ඇය පවසා තිබිනි.
ඇය ලංකාදීප පුවත්පතට බැදුනේ ඇගේ වයස 17 දීය.
1952දී ඇය ලේක්හවුස් ආයතනයේ ජනතා පුවත්පතට එක්වූයේ ප්‍රධාන චිත්රශිල්පිණිය ලෙසය.පසුලෙක ඇය ලේක්හවුස් හි සියළුම පුවත්පත්වලට ඇයගේ විචිත්‍රවත් සිතුවම් අකුරු සහ කතා ලියන්නට අඳින්නට ඉඩ කඩ ලැබී තිබීම විශේෂත්වයකි.1955දී ඇය ලේක්හවුස් හි ප්‍රධාන කර්තෘ වරයෙකු වූ ධර්මපාල වෙත්සිංහ මහතා සමග විවාහ විය.ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි.
ජනතා පුවත්පතේ ලියා පළකල කුඩ හොරා පොතක් ලෙස මුද්‍රණය කරමින් ළමා සිත් සොරාගන්නට ඇය සමත්විය. ඇයගේ කුඩ හොරා ළමා කතාව දෙස් විදෙස් සම්මානයට පාත්රවිය. ඇය එතැන් සිට දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් 'සූත්තර පුංචා', 'වෙසක් පහණ', 'මැටිගෙදර ළමයි', 'පොඩ්ඩා සහ පොඩ්ඩී' 'දුර ගමනක්', 'පුචි රතු කාර් එක', 'මගුල් ගෙදර බත් නැතෝ', 'දුවන රැවුල', 'පළිගු'. Child In Me'ඇතුළු පොත් ගණනාවක් ඇය විසින් රචනා කොට දරුවන්ගේ නෙත් සිත් වශී කරන්නාවූ පින්තූර ඒ කතාපොත්වලට නැවුම් රසයක් මෙන්ම විශාල වටිනාකමක් ගෙන ආවාය.
ඇයගේ කතන්දර පොත් විවිධ භාෂාවන්ට පරිවර්ථනය වී තිබේ.ඒ අතර දමිළ ජපන් ඉන්ග්‍රීසි කොරියන් චීන නෝවේජියන් ඇතුළු තවත් භාෂා කිහිිපකටම පරිවර්ථනය කර තිබේ.
සිබිල් වෙත්තසිංහ ලංකාවේ ළමා සිතුවම් කලාවේ පුරෝගාමී මෙහෙවරක් කළ චිත්‍ර ශිල්පිණියය. ඇය ලංකාවේ වැඩිම දෙස් විදෙස් සම්මානයට පාත්රවූ ලේඛිකාව මෙන්ම චිත්‍ර ශිල්පිණියද වනු නොඅනු මානය.
ඉතින් සිබිල් වෙත්තසිංහලා ලකාවට නැවත බිහි නොවන්නේය.අවුුරුදු 92 ක පරමායුධ විඳි ඇය හැකි සැම විටම සිතුවම් කලාවේ නිරත විය.සිබිල් වෙත්තසිංහ නව පරපුරේ ලේඛිකාවන්ට මෙන්ම චිත්‍ර ශිල්පිණියන්ට මහගු ගුරුවරියක් ද විය
සිබිල් වෙත්තසිංහ නම් වූ ඒ අපූරු මිත්තනිය, ගැහැනිය, චිත්‍ර ශිල්පිණීය, කතා ලිවීමේ ශූරිය තවදුරටත් ලියන්නට අඳින්නට කතා කියන්නට අප අතර නැත. ඇය නොමැකෙන නමක් තබා ගොස් තිබේ. ඇය ලියූ බොහෝ දේවල් තවත් පරම්පරා ගණනාවක් රසවිඳිනු ඇත ඒවාට ආදරය කරණු ඇත. ආදරණීය සිබිල් නැන්දා සෑම කෙනෙකුගේම හදවත්හි ජීවත්වනු නිසැකය.
ඔබට සුබ ගමන්!! සැනසීම ලැබේවා !!!
මිරර්ආර්ට්ස් හි ශෝකය මෙලෙස ප්‍රකාශ කර සිටින්නෙමු!
https://casite-737679.cloudaccess.net/news/6502-veteran-writer-sybil-wettasinghe-passed-away#sigProId1217de9f99