පසුගිය අරගල සමයේ කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් රංගනශිල්පී තුසිත ලක්නාත් හොරෙන්ම ලංකාවෙන් පැන්න ද? කියන කසුකුසුව කලා ක්ෂෙත්රයේ බොහෝ දෙනා අතර පැතිරෙනවා. ඒ වගේම තුසිත ට ගෙවා ගන්න බැරි ණය කන්දරාවක් ද තිබෙන බවයි සමහරු කියන්නේ. මේ වනවිට ලංකාවෙන් එළියට යන්න සූදානම් වන කාලකරුවන් සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම කීප දෙනෙකු මේ වනවිට ලංකාවෙන් පිටවෙලා ඉවරයි.
ඒ බෙහෝ අය අරගල භූමියේ කැපී පෙනනෙ යම් යම් වැඩ වලට දායක වූ අය.තුසිත දෙවැනි ඉනිමේ 'රණා' ගෙ චරිතය තුළින් තමයි වඩාත්ම ජනප්‍රිය වෙන්නේ. නමුත් ඔහු දක්ෂ වේදිකා සිනමා හා රූපවාහිනී චරිතාංග රංගනශිල්පියෙක්. ඔහු මේ වනවිට ලන්ඩනයේ ජීවත්වෙනවා. ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධි ධාරියෙක්.ඔහු සිය ෆේස්බුක් පිටුවෙන් සිය පැනයාම පිළිබඳව මෙවන් සටහනක් තියලා තිබෙනවා.හැමෝටම තියෙනවා කියන්න කතාවක්. මේ තුසිතගේ කතාව.
උපුටාගැනීම
"අදාල ලියකියවිලි නීත්‍යානුකූලව සපයලයි මං සහ මගේ පවුල ලන්ඩන් වලට ආවෙ. ලංකාවේ සිට ලන්ඩන් පැමිණිම සමාජ මාධ්‍යයෙන් සමාජ ගත නොකල බව ඇත්තක්. අරගලයෙන් පලා ආව වගේ හැඟීමක් හෝ අරගලයට යම් පමණක දායකත්වයක් සපයා එයින් දේශපාලන සරණාගතයන් බවට පත්වීමට කිසිදු අදහසක් නැ. පශ්චාත් උපාධිය හැදැරීමේ අවසරයෙන් පශ්චාත් භාගය විකුණා හෝ ලංකාවෙන් පිටවීමට උත්සාහ කළ බව ඇත්තක්. අඩුම තරමේ එක බත් එක කාපු මටවත් කිව්වෙ නෑ කියල කියන අපේ හෘදයාංගම මිතුරන්ට කියන්න ඇත්තේ " මචංල... අඩුම තරමෙ මං මගේ අම්මටවත් කිව්වෙ නෑ යනව කියල" කියන එකයි. ඒ තරම්ම ලංකාව හැර යාමට ආත්මාර්ථකාමී අධ්යාෂයකින් පහුගිය වසර පුරාම මම පෙළුන බව ඇත්තක්. ඒ තරම් නරුම වීමට ප්‍රධාන හේතුව වන්නෙ ලංකාවෙ ඉඳල තව අවුරුදු සීයකටවත් ගෙවාගන්න බැරි නය ප්‍රමාණයක් අප සතුවීමයි. අම්මව අත්හැරීම වගේම ලඟින්ම හිටපු මිතුරන් සතුරන් බවට පත්වීමේ වේදනාව මං මේ මොහොත වන විට අත්විඳිනව.
![131945460 10225430050322182 6671307595250702170 n](/images/2022/131945460_10225430050322182_6671307595250702170_n.jpg)
![237322358 10227198986384478 6938955073436281698 n](/images/2022/237322358_10227198986384478_6938955073436281698_n.jpg)
![70249520 2416764181930027 664391935582011392 n](/images/2022/70249520_2416764181930027_664391935582011392_n.jpg)
![241729715 10226033378002082 5112868267376658073 n](/images/2022/241729715_10226033378002082_5112868267376658073_n.jpg)
![277533224 10160182735848336 3125362891486673928 n](/images/2022/277533224_10160182735848336_3125362891486673928_n.jpg)