සුරංගි කොඩිතුවක්කු රූපවාහිනී නාලිකා නිවේදිකාවක් ලෙසින් නමක් ගොඩනගාගත් කෙනෙක්. සුරංගි පසුගිය දිනක ඩුබායි රාජ්‍යයේ සිය විවාහ උත්සවය ත් ගනු ලැබූ ජායාරූප ඇගේ මුහුනුපොතේ දකින්නට ලැබුනා. මේ දිනවල ආන්දෝලනාත්මක ප්රවෘත්ති මවන තිකෝ සමාගමේ සභාපතනියක ගෙ මූල්‍ය ගනුදෙනු සහ මුදල් වංචා කිරීම් යන කාරණය සමග සුරංගි පිළිබඳවත් විවිධ කතා සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය තුළීන් ප්‍රචාරය වනවා.මේ පිළිබඳව සුරංගි සිය මුහුනු පොතේ සටහනක් තියලා තියෙනවා.
සුරංගි ගේ අදහස කියවාගන්න
සුරංගි ගේ අදහස කියවාගන්න
උපුටාගැනීම
"තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්යවිශේෂඥවරිය ලෙස කටයුතු කරන මට බොහෝ තැන්වලින් විවිධ වූ පුවත් පල වෙලා තිබෙනවා මම දැක්කා. ඒ සියලු දෙයට උත්තර දෙන්නේ නැතුව පොඩ්ඩක් බලාගෙන හිටියේ මොකද අපි නිහඬ විය යුතු තැන්වල නිහඬ විය යුතු නිසා. මට බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ආදරේ කරනවා. ඒ ගෞරවය ආදරේ රැකගෙන මාධ්‍යවේදිනියක් ලෙස මේ තරම් දුර ගමනක් මම ආවේ.
ඒ නිසා මට හිතෙනවා මාගේ අදහස ඔබට පැවසීම වැදගත් කියලා.මොකද ඔබ මට ආදරේ කරනවා සේම ඔබ වැරදි වැටහීමක සිටිනවා නම් ඒය නිවැරදි කිරිමත් මගේ යුතුකමක්. ආයතනික මට්ටම තුල මට පැවරු මාධ්‍ය වගකීම මම සහ මගේ කණ්ඩායම අදටත් රාජකාරී මට්ටමෙන් අප කරගෙන යනවා
බොහෝ දෙනෙක් හිතනවා අප ආයතනය වසා දමා තිබෙනවා සහ එහි සේවකයෝ ද මීට සම්බන්ධයි කියලා. ඒ පිලිබදව නීතිය විසින් තීරනය කාරාවි. ඒ වගේ ම විවිධ වූ Pages වලින් / Fake account වලින් සමාජ මාධ්‍ය හරහා මම දැක්කා මා පිලිබදව නොයෙක් මඩ ප්‍රචාර ලබා දී තිබු අයුරු. ඒ සියලු තොරතුරු මා සතුයි. නමුත් ඒ හැම දේකට ම ස්තූතියි.
මම හැමදාමත් සියලු මාධ්‍යයන් එක්ක කටයුතු කලේ මිත්‍රශීලිව. කාටවත් මම ගරහලා නෑ. පදනමක් නොමැතිව චෝදනා කරලා නෑ. එනමුත් මා සම්බන්ධව සිදු කරන අපහාසයන් සහ අසත්‍ය ප්‍රචාරයන් වලට අදාලව නීතිමය කටයුතු මා ඉදිරියේදී සිදු කරනවා. මගේ පුද්ගලික නීතිඥතුමා සමග සාකච්ඡා කර ඊට අදාල සමාජ මාධ්‍ය ජාල සහ පුද්ගලයන් සදහා පැමිණිලි කිරීමට කටයුතු කළා.
මේ මොහොතේ යම් සිද්ධියක් පිළිබඳව ඔබ සියලු දෙනාගෙම අවධානයට ලක්ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී යම් කරුණු පැහැදිලි කිරීමක් කිරීමට සභාපතිතුමිය සූදානම්. එතෙක් මමවත් ඔබවත් නීතිඥවරුන් විනිසුරුවරුන් නොවී කාලයට ඉඩ දී බලාගෙන ඉමු. අවසාන වශයෙන් මගේ රැකියාව අහිමි වන තෙක් බලා සිටී සැමට ස්තුතියි. ඒ වගේ ම අවංකවම මා පිළිබඳව සොයා බැලු හදවතේ රැඳී මිතුරනි ඔබට මාගේ ගෞරවය.
සුරංගි කොඩිතුවක්කු
මාධ්‍යවේදිනි / 2022.10.08
උපුටාගැනීම අවසන් පසුගිය අවුරුදු 15ක් තුළ දේශපාලන නායකයෝ සහ ඔවුන්ගේ හෙන්චයියන් විසින් වංචාව දූෂණය ලංකාවේ ඇස් වහගෙන කරන්න පුලුවන් සරල වෘත්තියක් බවට පත්කරලා ඉවරයි.
![307007941 1322038851662774 7577726398502830959 n](/images/2022/307007941_1322038851662774_7577726398502830959_n.jpg)
![307179897 1322039061662753 7850971745278774149 n](/images/2022/307179897_1322039061662753_7850971745278774149_n.jpg)
ජායාරුප අන්තර්ජාලයෙනි.