lan englan tam

පුවත්

හඬ පෞරුෂයක මතක ඉතිරි කර රම්‍යා වනිගසේකර දිවි රඟමඩලින් බැස යයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස හඬ පෞරුෂයෙන් රසික සිත්වල ලැඟුම් ගත් ප්‍රවීණ ප්‍රවෘත්ති නිවේදිකා, හඬ ශිල්පිනී, රංගන ශිල්ප්පිනියක වන රම්‍යා වනිගසේකර සිය ජීවිතයෙන් සමුගත්තාය. 

'කැලණි පාලම' වේදිකා නාට්‍යයේ සදා අමාතක නොවන රංගන දායකත්වයක් දුන් ඇය සිය ජීවිතය තුළ බොහෝ ටෙලිනාට්‍ය ගණනකට දායකත්වය දැක්වූවාය. 
 
මිය යන විට 73 හැවිරිදි වියේ පසු වුණ ඇය නාට්‍ය කලාවට මෙම සිනමා, නිවේදන අංශවලට දැක්වූ සේයද ඉතා ඉහළ විය.
 
රෝගාතුරව සිටීම හේතුවෙන් කලා කටයුතුවලට දුන් දායකත්වය අවම කර තිබූ ඇය පිළිබඳව මීට ටික කලකට පෙර රෝගී වූ සමයේදී ටොරානා ප්‍රධාන විධායක නිලධාරී කුමාර් කොතලාවල සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබිණි.
 
"හිතවත් රම්‍යා,
විටෙක ඔබ කැළණී පාලමෙි මැටිල්ඩා ලෙසින්ද, කන්දේ ගෙදර ලොකු හාමිනේ ලෙසින්ද,මැණික් නදියේ මිලී නෝනා ලෙසින්ද, ප්‍රතිභාව දැනවූ චරිතාංග නිළියක ලෙසින් මෙන්ම අතිදක්ශ ප්‍රවීණ නිවෙිදිකාවක ලෙසින්ද භාව පූර්ණ හඬකැවීම් ශිල්පිනියක ලෙසින්ද අපි සිත් තුළ සදා නොමැකෙන මතක රාශියක් ඉතුරු කොට ඇත. වර්තමානයෙහි සුළු අසනීප තත්ත්වයක් නිසා නිතර තිරයේ නොපෙනුනද ඔබගේ ඒ අමිල සේවය අප⁣ගේ මතකයේ සදා රැදෙනු ඇත. රටක් ජාතියක් කලාවෙන් නළවන, සනහන ඔබට, ඔබගේ අසනීප තත්ත්වය ඉක්මනින් සුව අතට පත්වේවායි තෙරුවන් සරණින් මුළුමහත් රසික ප්‍රජාව වෙනුවෙන් මා ප්‍රාර්ථනා කර සිටිමි." යනුවෙන් එහි සඳහන්ව තිබිණි. 
 
කෙසේ නමුත්, සැමට පොදු දහමට අවනත වෙමින් සදහටම දෑස් පියාගත් රම්‍යා වනිගසේකර ප්‍රවීණ කලාකාරිනිය වෙනුවෙන් මිරර් ආට්ස් අපි බලවත් ශෝකය පළ කරමු!
Back to top
Go to bottom

Popular News