lan englan tam

පුවත්

මලයාලම් කලාභවනක් සිහිපත් කෙරේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මලයාලම් සිනමාවේ චරිතාංග නළුවකු වන කලාභවන් මනී සිය දිවි ගමනට සමුදී පෙරේදාට (06) වසර 08ක් සපිරේ. 

මලයාලම් මෙන්ම දෙමළ, තෙළිඟු වැනි දකුණු ඉන්දීය භාෂා චිත්‍රපටවල රඟපෑ ඔහු 'කොචින් කලාභවන් මිමික්ස් පෙරෙඩ්' හරහා කලා ක්ෂේත්‍රයට සක්‍රීය දායක විය. 
 
හාස්‍ය චරිත හරහා සිනමාවට පිවිසුණ කලාභවන් මනී සිනමාවේ වීරයෙකු ලෙස වර්ධනය වූවෙකි. 
 
ජන ගී ගායනයට දක්ෂතා පෙන්නුම් කළ ඔහු කේරළයේ ගම්බද ප්‍රදේශවල ගැයුණු ජන ගී ගායනයෙන් ජනතා අවධානයට පාත්‍ර වූවෙකු වේ. 
 
මලයාලම් සිනමාවේ සුපිරි තරුව වන මම්මුටි විසින් ඊයේ (07) ඔහු සමරමින් සඳහන් කර තිබුණේ අමතක නොවන මතකයක් ලෙසයි.
Back to top
Go to bottom

Popular News