lan englan tam

පුවත්

සුනිල් රත්නායක 40 වස සැමරුමට දේවතා එළි - විශ්වයේ ස්වරය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ ගේය පද රචක සුනිල් රත්නායකයන්ගේ 40 වසරක කලා දිවි සැමරුම වෙනුවෙන් සංවිධානය කරන ලද 'දේවතා එළි - විශ්වයේ ස්වරය' සංගීත ප්‍රසංගය එළඹෙන මැයි 18 සවස 6.30ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.

සුනිල් රත්නායකයන්ගේ කැමතිම ගීත 05ක්ද ඇතුළුව ගීත 24ක් ඇතුළත් ප්‍රසංගයට කලාකාමී මහාචාර්යවරුන් වන ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ජයන්ත බලවර්ධන, විෂේෂ්ඥ වෛද්‍ය නෙවිල් පෙරේරාද සහභාගි වීමට නියමිතය.
ප්‍රවීණ, ජනප්‍රිය ගායක ගායිකාවන් වන අමරසිරි පීරිස්, දීපිකා ප්‍රියදර්ශනී, සමිතා මුදුන්කොටුව, කමල් අද්දර ආරච්චි, භාතිය සහ සන්තුෂ්, මධුමාධව අරවින්ද ඇතුළු නව පරපුරේ රිද්ම වීරවර්ධන, විදූෂා රාජගුරු වැනි ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් ප්‍රසංගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සිය මිත්‍ර පරපුර විසින් සංවිධානය ක්‍රන ලද 'දේවතා එළි - විශ්වයේ ස්වරය' කෙරෙන් ලැබෙන ආදායම ඔස්සේ Hobbit Houses කටයුතු නිම කරගැනීමට අපේක්ෂා කෙරේ.

සුනිල් රත්නායක 40 වස සැමරුමට දේවතා එළි - විශ්වයේ ස්වරය

 

Back to top
Go to bottom

Popular News