lan englan tam

පුවත්

“දේවි කුසුමාසන” මංගල දර්ශනය වර්ණවත් උනේ මෙහෙමයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය සිනමාවේ නිර්මාණය වූ අති දැවැන්ත සිනමා නිර්මාණයක් වන දේවි කුසුමාසන’ චිත්‍රපටයේ මංගල දර්ශනය ඊයේ (22) වැල්ලවත්ත, සැවෝයි සිනමා ශාලාවේදී උත්කර්ශවත් අන්දමින් පැවැත් උනා.

මෙම අවස්ථාවට ‘දේවි කුසුමාසන’ චිත්‍රපටයේ රංගන ශිල්පීන් ඇතුළුව කලා,දේශපාලන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් බොහෝ පිරිසක් සහභාගී වී සිටියා.

ඉතින් අද දිනයේ පටන් ප්‍රේක්ෂක ඔබට දිවයින පුරා සිනමා ශාලා වලදී මෙම දැවැන්ත සිනමා නිර්මාණය නැරඹීමට අවස්ථාව උදා වෙනවා.

ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ‘දේවි කුසුමාසන’ චිත්‍රපටය Lyca productions සාඩම්බර දෙවැනි සිනමා නිෂ්පාදනය වනවා.

මහනුවර රාජධානියේ රාජ්‍ය පාලනය කළ කුසුමාසන රැජින සහ කොනප්පු බණ්ඩාරගේ ජීවිත කතාව ඇසුරින් නිපදවූ මෙහි ප්‍රධාන චරිත හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරිය නිරූපණය කරන අතර මහේන්ද්‍ර පෙරේරා, සනත් ගුණතිලක,මේඝ සූරියාඅරච්චි, චිලී තිවංක, ශ්‍රියන්ත මෙන්ඩිස්,ලක්ෂ්මි දමයන්ති, ඩිස්නි රාජපක්ෂ ඇතුලු ජනකාන්ත නලු නිලියන් රැසක් රංගනයෙන් එක්වනවා.

පහතින් දැක්වෙන්නේ ඊයේ (22) වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේ පැවැති චිත්‍රපටයේ මංගල දර්ශනයේ ඡායාරූප පෙළකි.

(ඡායාරූප උපුටා ගැනීම Lyca productions lanka නිල face book පිටුව ඇසුරිනි)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Back to top
Go to bottom