lan englan tam

පුවත්

ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතාවක් වේදිකාවට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝක ප්‍රසිද්ධ රහස් පරීක්ෂක කතා මාලාවක් වන ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ එක් කතාවක් වේදිකා නාට්‍යයක් හැටියට නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බව නාට්‍යයේදී බුද්ධික දමයන්ත පවසයි.

ඔහු ඒ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි.
(ලෝක ෂර්ලොක් හෝම්ස් දිනය මාර්තු 22) ෂර්ලොක් හෝම්ගෙ රහස් පරීක්ෂණ කතාවක් වේදිකාවට ගේන්න ඕන කියන කතන්දරය , බුද්ධිකයා හිතේ කොනක කාලයක් තිස්සේ තිබ්බ ආසාවක්.අපිට නැති උනාට ෂර්ලොක් හෝම්ස් ලෝක වේදිකාවට ජනප්‍රිය චරිතයක්. පහුගිය මාස දෙක තුනෙ බුද්ධිකයා අතින් බැස්කවිල් දඩ බල්ලා වේදිකා නාට්‍යයක් හැටියට රචනා උනා..මේක ඔක්කොම ඉන්නෙ නලුවො හතර දෙනයි...අනික් සියලු චරිත කරන්නෙ, මේ නලුවො හතර දෙනා.. මේ දවස් වල රිහසල් කරන් යන, මාටින් ලූතර් කිංගෙ නාට්‍යයෙන් පස්සෙන් , ඉලගට වේදිකාවට ගේන්නයි හිතා ගෙන ඉන්නෙ...

Back to top
Go to bottom

Popular News