lan englan tam

පුවත්

'ශ්‍රීයා මනමත් වී' මතකය සමග බැස ගිය තරුව ආනන්ද

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'ශ්‍රීයා මනමත් වී' වැනි ජනාදරයට පත් වූ ගායක සහ ප්‍රවීණ සංගීතඥයෙකු වූ ආනන්ද පෙරේරා ඊයේ (26) සිය දිවි ගමනට සමු දුන්නේය.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ආනන්දයන් අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට 67 හැවිරිදි වියේ පසු විය.
'ශක්ති' සංගීත කණ්ඩායමේ සාමාජිකයකු ලෙස සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රියව සිටි ගායක ආනන්ද අනතුරුව 'සිහ ශක්ති' සංගීත කණ්ඩායම ඔස්සේද සංගීත ක්ෂේත්‍රයට කළ සේවය අති ඉමහත් එකකි.
ඔහුගේ දේහය අවසන් ගෞරව පිණිස 10/3D, මංගලගම පාර, මොලදන්ඩ, කිරිබත්කුඹුර සිය නිවසේ තැන්පත් කර ඇත.
ඔහුගේ රසිකයෙකු වන මාලන් ජයකොඩි විසින් ආනන්දයන් අගයමින් පළ කළ සටහනක් පහතින් පළ කරන අතර ලාංකේය සංගීත කලාවට හදවත් පිනන නිර්මාණ දායාද කළ ආනන්ද පෙරේරා රසවතාණන්ගේ අභාවය වෙනුවෙන් 'මිරර් ආට්ස්' අපි ශෝකය පළ කර සිටිමු!

රූපවාහිනී සංගීත වැඩසටහන් අතරේ මට මුල්ම මතකයක් විදිහට තියෙන්නේ " ජාතික රූපවාහිනියේ" ගිය අබේවර්ධන බාලසූරිය නිශ්පාදනය කරපු " නන්දන වින්දන" ..
අර්නස්ට් සොයිසා ප්රමුඛ " සුපර්ස්ටාර්ස්" තමා ඒකේ මතකම බෑන්ඩ් එක..
ඊළඟට අයිටියෙන් එකේ " මධු රසාංග " වැඩසටහනෙන් මතක ස්ටැන්ලි පීරිස්ගේ " ෆෝචූන්ස්" ..
ඊට කාලෙකට පස්සේ 90 දශකේ මුල වගේ ආයෙත් ජාතිකේ දැක්කා වෙනස්ම වැඩසටහනක් " මනෝහාරි" කියලා.. " සමන් ආතාවුදහෙට්ටි" තමයි නිවේදකයා..
ඒකෙන් තමා " ශක්ති" බෑන්ඩ් එකේ ජනප්රියම මතකය.
ඔය සේරම කළු-සුදු රූපවාහිනී මතක..
ඇන්තනී සුරේන්ද්ර තමා ලීඩර්.. සුරේන්ද්ර ගේ මල්ලි විජේන්ද්ර, ආනන්ද පෙරේරා, හේමපාල ගාල්ලගේ , ජයන්ත රත්නායක , සංගීත් එහෙම හිටියා මතකයි.
ඊටත් පස්සේ වෙන්න ඇති ජගත් වික්රමසිංහ..
පෙර අපරදිග .. ජන නාද රටා එක්ක මාරම මික්ස් එකක්..
ඒ රසය තිබ්බ එකම බෑන්ඩ් එක ඒක..
ඒ ශක්ති එකේ ජනප්රිය යුගය උනාට, ඊට කලිනුත් හොඳම දක්ෂයෝ හිටියා..
ආනන්ද පෙරේරාට කලින් ආනන්ද දාබරේ තමයි වයලීන් එක.. සිතාර් එක ප්රියානන්ද පෙරේරා, උපතිස්ස පෙරේරා බටනලාව.. රංගන් , රවීන්ද්රන් , ජූඩ් වගේ වෙනස්ම සංස්කෘතික සංයෝගයක්.
ඒ ගොඩක් අය ඒ වෙද්දි ගුවන්විදුලියෙත් වැඩ..
සුරේන්ද්ර - ආනන්ද දෙන්නගේ එකතුවෙන් පස්සේ ශක්ති'ය තවත් හැඩ උනා..
සුරේන් වගේම ආනන්ද පෙරේරා ත් වෙනම ලෙවල් එකක දක්ෂයෙක්..
වයලීන්, ලීඩ් බේස් එකෝස්ටික් ගිටාර් ෆ්ලූට් බැංජෝ මැන්ඩලින් වගේම තම්මැට්ටමෙනුත් එක විදිහටම වැඩ දානවා.
සුරේන්ද්ර තමා වැඩ්ඩා.. නෑ නෑ ආනන්ද තමා වැඩ්ඩා.. ඔය කාලේ එහෙමයි..
ඊට පස්සේ " වික්ටර් පිය - පුතු සුසංයෝගය මූලික වෙච්ච ගේමකින් " ශක්ති" ය පලු දෙකකට වෙන් වෙනවා.. කැඩෙන්න මුල් වෙච්ච ගේම් එක වැහිලා, ජාතිකත්වය / ජා තිවාදය ඉලිප්පිලා, එක බෑයක් " සිහ ශක්ති " වෙනවා..
සිංහයගේ පැත්තට අනිත් පැත්ත කරෝපු " ශක්ති" එක රූපවාහිනී නාලිකාවල ඉඳහිට දකිනවා මිස නොපෙනී යනවා.
අපි මොන තරම් සංගීත කණ්ඩායම් කැඩෙනවා දැක්කත්,
ශක්ති එක කැඩුන එක තමා දරාගන්නම බැරි ..
මොකද,
සුරේන්ද්ර - ආනන්ද එකතුවෙන් කරනවා දැකපු පර්යේෂණාත්මක සංගීතය හරහා ලාංකීය සංගීතය අලුත් මානයකට යන්න තිබ්බා ය කියන සිතුවිල්ලක් දැනෙනවා..
සිහශක්තිය ඇතුලේ , පරණ ආනන්ද පෙරේරා වෙනුවට එකම රටාවක හිරවෙච්ච ආනන්ද කෙනෙක් තමා දැක්කේ.. කාලයක් යද්දි අතිශය සාමාන්ය කෙනෙක් ..
සුරේන්ද්ර ගේ ශක්ති බෑන්ඩ් එක ලැබෙන අවශ්තා එක්ක තාම යනවා.
හැමෝම හීන දැකපු සුරේන්ද්ර - ආනන්ද රී-යූනියන් එකක් උනෙත් නෑ, දැන් කොහෙමත්ම වෙන්නත් බෑනේ..
ආනන්ද පෙරේරා කියන්නේ අපේ අතීතකාමී රසයේ එක යුගයක්..

Back to top
Go to bottom

Popular News