lan englan tam

පුවත්

ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාවයේ ආචාර ධර්ම ගවේෂණය Zoom සම්මන්ත්‍රණයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 'ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාවයේ ආචාර ධර්ම ගවේෂණය' මැයෙන් වන මාර්ගගත සම්මන්ත්‍රණයක් මැයි 30 සහ 31 දෙදින පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සම්මන්ත්‍රණයේ දකුණු ආසියානු සහකරු හැටියට ශ්‍රී ලංකාවේ සම්මානලාභී චිත්‍රපට නිෂ්පාදක, නිර්මාතෘ, අධ්‍යක්ෂක සහ 'ලංකා සිනේ'හි ප්‍රධාන විධායක නිලධාරී ලංකා බණ්ඩාරනායක කටයුතු කරන්නීය.

මෙහි ශ්‍රී ලාංකික දේශකයින් ලෙස ආචාර්ය රතීතරන් කතිරේසු - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නාට්‍ය හා රංග කලා අංශය, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් රංග හා දෘශ්‍ය කලා පීඨය. යාපනය විශ්වවිද්‍යාලය. ශ්‍රී ලංකාව (මාතෘකාව: දෙමළ රඟහල පරිචයන්, එහි ඉතිහාසය සහ වේදිකා/තිර කාර්ය සාධනයේ ශෛලියක් ලෙස එහි ලක්ෂණ කෙරෙහි යම් අවධානයක් යොමු කරමින්) සහ වෛද්‍ය කංචුකා ධර්මසිරි - ලලිත කලා අංශය,පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ශ්‍රී ලංකාව. (මාතෘකාව: පූර්ව යටත් විජිත, යටත් විජිත සහ පශ්චාත් යටත් විජිත අවස්ථාවන්හි ශ්‍රී ලාංකීය විවේචනාත්මක ස්ත්‍රීවාදී ප්‍රදේශවල ගමන් පථයක්.) දේශන සඳහා සහභාගි වෙති.
එංගන්තයේ Bournemouth විශ්ව විද්‍යාලයේ ගැටුම්, හැඟීම් සහ සමාජ සාධාරණත්වය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානය සහ Nkrumah විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලය ගානාව සමඟ හවුල්කාරිත්වයෙන්
Wole Soyinka International Cultural Exchange සහ Lanka Cine Media ඉදිරිපත් කරන මෙම සම්මන්ත්‍රණයට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, අප්‍රිකාව සහ නයිජීරියාව යන රටවල විශ්විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, වෘත්තීය ශිල්පීන් සහ කලාකරුවන් සහභාගී විමට නියමිතය.
අන්තර්ජාතික මාධ්‍ය හා කලා සම්බන්ධතා සහ පර්යේෂණයන්ගේ අභියෝග, අන්තර් ජාතික සාක්ෂරතාවය, දේශීය දැනුම් පද්ධති, මනෝ සමාජීය ගතිකත්වය, නව යටත් විජිතකරණයේ සන්දර්භය සහ ස්ත්‍රීවාදය සහ එහි නව යටත්විජිත ප්‍රවේශ ඇතුළු කාලීන මාතෘකා ගණනාවක් සම්මන්ත්‍රණයේදී ආමන්ත්‍රණය කරනු ඇති අතර මෙම සම්මන්ත්‍රණය උතුරු-දකුණු අන්තර්ජාතික මාධ්‍ය සහයෝගීතාවයේ ආචාර ධර්ම වටා යටත් විජිතවාදී පරිකල්පනයක් කරා අන්තර් විෂය දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් මාලාවේ දෙවැන්න ලෙස පැවැත්වේ.
ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වෙන වැඩසටහනට Eventribe හරහා නොමිලේ ලියාපදිංචි වී සහභාගී වීමට හැකියාව සලසා දී ඇත.
https://www.eventbrite.co.uk/e/exploring-ethics-in-transnational-media-collaboration-tickets-894228179557?aff=oddtdtcreator
වැඩසටහනේ ආරම්භක ප්‍රධාන දේශනය (2024 මැයි 30) මහාචාර්ය ජූඩ් විලියම් ජෙනිලෝ - උපකුලපති, ලිබරල් කලා විශ්වවිද්‍යාලය (බංග්ලාදේශය), අවසාන ප්‍රධාන දේශනය (2024 මැයි 31) මහාචාර්ය නිකිතා ධවාන් - ඩ්‍රෙස්ඩන් කාර්මික විශ්වවිද්‍යාලයේ දේශපාලන න්‍යාය සහ අදහස් ඉතිහාසය විෂය (ජර්මනිය) විසින් පවත්වනු ලබයි.

මීට අමතරව 2024 මැයි 30 සඳහා මුලසුන මහාචාර්ය ජෝර්ජ් එම්. බොබ්-මිලියර්, 2024 මැයි 31 සඳහා මුලසුන Imruh Bakari විසින් හොබවනු ලබයි.
වැඩසටහනට සහභාගී වන කථිකයන් පහත පරිදිය.
ආචාර්ය නිනි කර් - මාතෘකාව: විශ්ව විද්‍යාලයේ යටත් විජිත ඉවත් කිරීම: කළ නොහැකි කාර්යයක්ද?
මහාචාර්ය අබු එස්.එම්. දායන් - මාතෘකාව: රබීන්ද්‍රනාත් තාගෝර්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය: බෙංගාල අධ්‍යාපනය විජිතකරණය කිරීමේ උත්සාහයන් ගවේෂණය කිරීම
ආචාර්ය රතීතරන් කතිරේසු - මාතෘකාව: දෙමළ රඟහල පරිචයන්, එහි ඉතිහාසය සහ වේදිකා/තිර කාර්ය සාධනයේ ශෛලියක් ලෙස එහි ලක්ෂණ කෙරෙහි යම් අවධානයක් යොමු කරමින්
ආචාර්‍ය අනීෂා දත්තා - මාතෘකාව: අන්තර් ජාතිකවාදයේ සන්දර්භය තුළ විජිතකරණයේ නව ලිබරල්වාදී ලිස්සා යාම
ආචාර්‍ය අයේෂා සිද්දිකී - මාතෘකාව: පකිස්ථාන කාන්තා අනන්‍යතා ගවේෂණය සහ ඔවුන් ඒකාකෘති මාධ්‍ය නියෝජනයන්ට අභියෝග කරන ආකාරය
අසීම් රෆිකි - මාතෘකාව: ඡායාරූප මාධ්‍ය ක්ෂේත්‍රයේ කරදර
මහාචාර්ය සනී සිං - මාතෘකාව: (නව) යටත් විජිත පරමාදර්ශවලින් ඔබ්බට ගමන් කිරීම: අන්තර්ජාතික සහයෝගීතාවන්හි යුක්තිය කේන්ද්‍රගත කිරීම
වෛද්‍ය කංචුකා ධර්මසිරි - මාතෘකාව: පූර්ව යටත් විජිත, යටත් විජිත සහ පශ්චාත් යටත් විජිත අවස්ථාවන්හි ශ්‍රී ලාංකීය විවේචනාත්මක ස්ත්‍රීවාදී ප්‍රදේශවල ගමන් පථයක්.
සන්තුස් අරෝහ් - මාතෘකාව: අන්තර් ජාතික මාධ්‍ය සහයෝගීතාවයේ නයිජීරියාවේ මූල්‍ය වගකීම් කෙරෙහි අවධානය යොමු කරන්න.
කයාරි බුකාර් - මාතෘකාව: තිරසාර අප්‍රිකාවේ අරමුදල් සහිත පර්යේෂණ - සංචාරය කිරීමේ හැකියාව.
බොලන්ලේ ඔස්ටින්-පීටර්ස් - මාතෘකාව: ජනතාවගේ කලාවන්: අපේ කතන්දර නිර්මාණය කිරීම - SARO වෙතින්! The MUSICAL (2013), FUNMILAYO වෙත (2024)
මහාචාර්ය ඇනිකෝ ඉම්රේ - මාතෘකාව: යුරෝපීය අර්ධ පර්යන්ත මාධ්ය සහ පර්යේෂණ නිෂ්පාදනය

පර්යේෂණ කණ්ඩායමට ප්‍රධාන පර්යේෂිකාව හටියට ආචාර්ය සමන්ත ඉවෝවෝ, දකුණු ආසියානු සහකරු - ලංකා බණ්ඩාරනායක, ව්‍යාපෘති කළමනාකරු - මාර්සියා අබ්දුල්-කෝරා යනාදීහු එක් වෙති.

Back to top
Go to bottom

Popular News