විශේෂයෙන්ම 90 දශකයේ පමණ දරුවන්ගේ ළමා කාලය සුන්දර කළ ළමා නිළියක් ලෙස ප්රමුදි කරුණාරත්න හඳුන්වා දිය හැක.එකළ දරුවන් ගේ පළමු ආදරය වශයෙන්ද ඇය හඳුන්වා දිය හැක.ඇය දක්ෂ නිවේදිකාවකි.ඇය දක්ෂ රංගන ශිල්පිනියකි.
සිරස පුංචි පැංචි වැඩසටහන හරහා ළමා නිවේදිකාවක් ලෙස ඉමහත් ජනප්රියතාවයට පත් වීමට ඇය සමත් වූවාය.එක ඉත්තක මල් , සිහින වසන්තයක් , ගැහැණු ළමයි යන ටෙලිනාට්ය සහ විවිධ දැන්වීම් ආදියෙන් ඇය පුංචි තිරය හැඩ කළාය.කාලය කෙතරම් ගෙවී ගියත් ඇය රූපයෙන් නම් එදාට බෙහෙවින් සමානය.
මෙම ලිපිය ඇගේ කුඩා සිනමාගමනය පිළිබඳවයි.



තම නාමය කිලිටි නොවන ලෙස රංගන ජීවිතය ගත කළ ඇය , අද වන විට රංගනයට සමු දී ඇත. සුන්දර පවුල් ජීවිතයක් ගත කරන ඇයගේ සියලු කටයුතු සාර්ථක වේවායි අපි ප්රාර්ථනා කරමු.
