lan englan tam

පුවත්

එකම රටක, එකම සමාජයක චරිත දෙකක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චරිත දෙකක සමාජ දේශාපාලනික කියවීම.. දිනක්ශි ,තරින්දි, මේ දිනවල විකාශනය වෙන ටෙලි නාට්ය දෙකකි ..ඒ ස්වාධීන රූපවාහිනියේ take care,සහ ජාතික රූපවාහිනීයේ වියලි. ටෙලි නාට්ය දෙකයි .

වියලි ශාන්ති දිසානායකගේ කතාවක් ඇසුරින් ගොඩනැගූවක්. දරිද්රතාවය මුල්කොටගත් වියලි කලාපයේ කර්කශ ජීවිත වල හරස් කඩක් මේ ටෙලිනාට්ය තුලින් විදහා දක්වනවා. කොතරම් පීඩිත ජීවිතයක වුවත් ගැහැනියක සතු ආත්ම විස්වාසය සහ ශක්තිය ඉතා සංකීර්න ලෙස ලෙස චරිත ආශ්රයෙන් ගොඩනගන මෙතුල ගැබ්වුනු අන්තර්ගතය නාගරික මධ්යම පාංතික ජනතාව නොදකින අද්දැකීමක් .

එකම රටක සමාජ ,ආර්ථික පසුබිම් දෙකක ජීවිත වල තිබෙන පරස්පර ජීවන රටාවන් යතාර්තවාදිව නිරූපනය වීම තුලින් ප්රේක්ශයින් හට ලබා රසවින්දනය චමත්කාර ජනකයි.. ITN නාලිකාවෙ විකාශනය වන Take Care ටෙලිනාට්ය නාගරික මධ්යම පාංතික ජීවිත වල තිබෙන පැටලිලි සහගත සංකීර්න ජීවන රටාවෙහි සිදුවීම් ගැඹුරු කියවීමකට ලක්කරනවා.. විශේශිත වූ කාරනය මෙම එකකට එකක් වෙනස් චරිත දෙකට ජීවය දෙන රංගන ශිල්පිනියන් දෙදෙනාගේ රංගන කෞශ්ල්යයි..

වියලි නාට්ය යේ දරිද්රතාවය සමග මහ පොලොව සමග ගැටෙන ගැහැනියකකගෙ කර්කශ ජීවන රටාව චරිතයේ ඇතුලාන්තයට කිදාබැස තරින්දි කරන රගපෑම ප්රේක්ශයින් පුදුමයට පත්කරවන සුලුයි..මෑත යුගයේ ටෙලිනාට්ය කලාවේ මෙන්ම සිනමාවෙත් සිය අනන්යතාවය තහවුරු කරගත් නිලියක් සිටීනම් ඒ තරින්දි මිස අන් කවරෙකුවත් නොවන බව පසක් කොට ඇති ඇයගේ ටෙලි රංගන ජිවිතයේ නොමැකෙම සලකුනක් වියලි හරහා තබන බව නම් විස්වාසය . ඇය සමග උරෙන් උර ගැටී විශිෂ්ට රංගනයක එහි කලුවාගේ චරිතය රගපාන රංගන ශිල්පියාගේ චරිත නිරූපනයද විශ්මය ජනකය.. take care ටෙලිනාට්යයේ දිනක්ශි ගේ රංගනයද එයට නොදෙවෙනිය. කලකට පසු රංගනයට පිවිසූනු ඇය මෙම ටෙලිනාට්ය තුලින් ඇයගේ ර්ංගන ජීවිතයේ හැරවුම් ලක්ශයක් සනිටුහන් කරනවා. එතෙක් මෙතෙක් ඇය මොනවද කලේ යැයි ප්රශ්න කරන්නට තරම් Take care හි ඇයගේ රංගනය ප්රබලය . නාගරික මධ්යම පාංතික තරුණියක් සහ එම තරුණිය ජිවත්වන සමාජ පසුබිමෙහි ඇති සංකීර්ණ ජීවන රටාව උකහාගෙන චරිතය තුලින් එය එලිදක්වන අයුරු අතිශයින් සුන්දරය..

දෙබස් සමග බද්ධ වුනු ඇයගෙ හැගීම් නීරූපනය ගහකට පොත්ත මෙන බද්ද වී ඇත.. තවම මෙම ටෙලිනාට දෙකම විකාශනය වී ඇත්තේ කොටස් 6ක් වැනි ප්රමානයක් පමනය . පෙනෙන අයුරීන් විශාල කොටස් ප්රමානයක් නොවන මෙම ටෙලි නාට්ය දෙක මෙන්ම එහි රංගනයෙන් දායක වන ශිල්පීන්ද ඉදිරියේදී වඩාත් කතාබහට ලක්වනු නොවනුමානය.. "සර් මොකද උදේ පාන්දර කුකුලත් අතේ අරගෙන දඩයමේ ඇවිත්..?" "මම කොහොමත් සර් එක්ක නිදාගත්තෙ සර්ව කසාද බදින්න හීන දැක දැක නෙවෙයි.."- දිනක්ශි. "මම කව්රු උනහම උඹට මොකද.? මම ගැහැනියක්...මගේ අඩවියේ ඇවිදින්න කව්රුවත් උදව් කරන්න අවශ්ය නැහැ."- තරින්දි

 

අනුර දයාරත්න

Back to top
Go to bottom

Popular News