lan englan tam

පුවත්

සොයිලියස් මැන්දිස් - 127 ජන්ම සංවත්සරය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
ජීවිත කාලයම චිත්ර කලාව වෙනුවෙන් කැප කොට නිර්නාමිකව දිවිගෙවා අප්රකටව මියපරලොව ගිය සොයිලියස් මැන්දිස් මහා කලා කරුවාගේ 127 වනජන්ම දිනය අදයි (ජුනි 17).
කැලණි විහාරයේ වසර 18 තිස්සේ චිත්ර නිර්මාණය කළ ඔහුට එම කාර්යය අවසන් කිරීමට නොහැකි විය. ඔහු කැලණි විහාරයේ පලංචියෙන් බිමට බැස්සේ දැඩි සිත් වේදනාවෙනි.
බුදුපිළිමයේ පසුබිම ඇදීම ට ඉතාලි චිත්ර ශිල්පියෙකු ට බාරදීමට තීරණය වීම නිසා ඔහුට හදිසියේ චිත්ර නිර්මාණ නතර කිරීමට සිදුවිය.
ඔහු අදිමින් සිටි බුදුපිළිමය දෙපස චිත්ර මකාදමන ලෙසද එම ශිල්පියාගේ ඉල්ලීම විය.එය ඔහුට දැනුම් දුන් පසුව ඔහු දැඩි සිත් වේදනාවෙන් පලංචියෙන් බිමට බැස්සේ ය.
" ...මගේ ලෙයින් දහඩියෙන් ඇදපු චිත්ර එකක්වත් මම මකන්නෙ නෑ ...උඹලාට ඕනිනම් මකාගනිල්ලා." කියමින් පින්සල් මිටියද කැලණි ගඟට විසිකර ... "..යලි චිත්ර නොඅඳිමි...යි.." දැඩි අදිටනින් ආපසු ගමටගිය ඔහු තම සියලු ධනය වැය කොට අඳ බිහිරි දරුවන් වෙනුවෙන් " සිවිරාජ අඳබිහිරි පාසල.." ඉදිකොට එහි නඩත්තුව ට සියලු ඉඩම් ද පරිත්යාග කර අසල නිවසේ තම ගෝලයෙක් වන සෝමපාල සමඟ මියයන තුරුම අප්රකටව ජීවත් විය.
මේ අසහාය මිනිසාට අපගේ හිස නමා
උත්තමාචාරය පුදකරමු .... !!!!!
 
@ චාර්ල්ස් දයානන්ද
සොයිලියස් මැන්දිස් චිත්ර කලා පදනම
Back to top
Go to bottom

Popular News