lan englan tam

පුවත්

හසිත - ලියේනාට සුබ මංගලම්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දෙරණ රූපවාහිනියේ නිවේදකයකු මෙන්ම වැඩසටහන් නිෂ්පාදකවරයෙකුද වන හසිත විජේවර්ධන සිය දීර්ඝ කාලීන පෙම්වතිය ලියේනා සමග අතිනත ගත්තේ පසුගිය 19 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදීය.

දෙරණ මාධ්‍ය ජාලය ඇතුළු මාධ්‍ය ආයතන ගණනාවක ජනප්‍රිය භූමිකා, දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රඉද්ධ චරිත මෙන්ම ජනප්‍රිය නළු නිළියන්ද පිරිවරා පැවැත්වුණ මෙම විවාහ මංගල්‍යය පිළිබඳව ඇතැම් ඉඟි විවිධාකාරයෙන් ඊට පෙරදී අසන්නට ලැබිණි.
මාධ්‍ය ජීවිතයේ අසීරු තැනකින් පියවර තැබීම ආරම්භ කර කෙටි කාලයකදී වැඩසටහන් පූරකයෙකු මෙන්ම රූපවාහිනී නිෂ්පාදකවරයෙකු හැටියට ඉහළට ගමන් කරන හසිත සහ ඇගේ මනාලියගේ අලුත් ගමන් මගට 'මිරර් ආට්ස්' අපි සුභ ප්‍රාර්ථනා කරමු!

Back to top
Go to bottom

Popular News