ලේක් හවුසියේ වැඩකළ කිහිප දෙනෙකුට ලියූ නිර්මාණ භාර දුන්මුත් ඒවාද පල වූයේ නැත. පසුව එවකට අපි පදිංචිව සිටි රයිගම් වත්තේ වැඩකළ රියන්සි අංකල් මගෙන් ලිපියක් සහ චිත්රයක් ඉල්ලා ගත්තේය. එය ඔහු සිය සොයුරියගේ දියණියකවූ දීප්ති කුරේ මගින් ලේක් හවුසියේ චායාරූප ශිල්පියෙක් වූ උපාලි ෆොන්සේකාට බාර දුන් බව පැවසීය. 1979 වසරේ නොවැම්බරයේ ඒ චිත්රය මිහිරේ පලවිය.ඒ දිගු ගමනක ආරම්භය විය.
පුවත්
'ලක්බිම' නැවැත්වීමේ දුකට පමණක් දෙවෙනි 'මිහිර' නැවැත්වීමේ දුක
මිහිරේ මිහිරි මතක......
මිහිර ළමා පුවත් පත මුද්රණය නතර කර ඇතිබව අද උදයේ දැන ගතිමි. ඒ සැණින් මගේ මතකය 1979 වසරට දිව ගියේය. සැබැවින්ම ඊට බොහෝ කලකට පෙර සිට මම මිහිර පාඨකයෙක්ව සිටුයෙමි. එහෙත් මාගේ මුල්ම නිර්මාණය පලවූයේ 1979 නොවැම්බරයේ පලවූ මිහිර කළාපයකය.
කුඩාකාලයේ හඳමාමා සහ මිහිර අපේ ලෝක වලට දැනුම පමණක් නොව බලාපොරොත්තු ද ගෙන ආවේය. අදටත් ඒ පන්නරය අප ජීවත් කරවයි. මිහිරට කුමක් හෝ ලියා යවා ඊළඟ සතියේ එය පලවෙනතුරු සිටීම එකල සතියක් අප ජීවත්කළ බලාපොරොත්තු විය. ඒ නිර්මාණය පල නොවූ පසු පැය කිහිපයක් කණස්සල්ලෙන් සිට නැවත ලිපියක් ලිවීම මගේ ජීවිතයේ අංගයක් විය.
ඊට සති කිහිපයකට පසු තවත් ලිපියක් මිහිරේ පලවිය. මේ ලිපි නිසා මට එකල පෑනේ මිතුරු මිතුරියන් කිහිප දෙනෙකුද ඇති විය. ඒ අය මට සිය මුල්ම ලිපිය එව්වේ පාසැලටය. විදුහල් පති තුමා එන්නට කියා ඒ ලිපි මට බාර දුන්නේය. මම ඉංගිරියේ ගාමිණියට ගිය පසුත් දිනක් දෙකක් සුමණජෝතියට ගොස් ඒ ලිපි ලබාගතිමි.
මිහිරෙන් පටන් ගත් ලේඛණ කටයුතු අඛණ්ඩව ඉදිරියට කරගෙන ගියෙමි. විජය, ජනතා, පත්තර වලට මෙන්ම ඉංග්රීසි පත්තරවලටද ඉඳහිට ලිපි ලිවීමි. සිව්දෙස සඟරාව ඔස්සේ පැමිණ ලක්බිම පත්තරේ දක්වා ඒ ගමන දිගු විය. මේ දිගු ගමන ආරම්භ වූයේ මිහිරෙනි. එකල පාසැල් සිසුන්ට මිහිර නැතිවම බැරි විය.විජය පත්තරේ පසු කාලිනව මිහිරේ තරග කරුවා විය. මා ඊටද ලියූ වෙමි. විජය පුවත්පත ලබාදුන් ඥාන කෝෂය එකල අපේ ගූගල් සෙවුම් යන්ත්රය විය .පසු කාලයක ඒ වගකීම ගත්තේ සමුදුරය.
කාලය ගෙවී ගියේය . මම දේශපාලනික, කලා සහ ක්රීඩාව මුල්කර පත්තර ගැනිමට පෙළඹුනෙමි. චිත්ර කතා පත්තර දෙකක්ද ඒ කාලයේ මිලට ගැනිමට පුරුදුව සිටියෙමි.මාගේ පත්තර බිල ගෙව්වේ තාත්තාය. ඒ නිසා පත්රයක් දෙකක් නතර කිරීමට සිදු විය. ඒ අනුව ලේක් හවුස් ප්රකාශනයක් වූ ක්රීඩා පුවත්පත මිලට ගැනිම නිසා මම මිහිර සහ විජය නතර කළෙමි. එහෙත් දේශප්රේමී ජනතා ව්යාපාරයේ මරණ තර්ජන මැද පවා මම ක්රීඩා පත්තරේ මිලට ගතිමි. පත්තර හා අපේ බැදීම එතරම් විය.
ප්රශ්ණය වූයේ අප මිහිර අතහළ තරමට ඊට අළුත් පාඨකයන් එක් නොවීමය. තරග කාරී අධ්යාපනය විසින් ළමුන්ගේ ගවේෂනාත්මක දැනුම හඹා යාම නතර කර දැම්මේය. ආදර්ශ ප්රශ්ණ පත්ර. වැඩපොත් සහ ශිෂ්යත්ව පන්ති සිර කූඩුකොට ළමෝ ඒවාට සිර කර දැම්මෝය. අපි පාසැල් නිමවී ගෙදරට පැමිණි පසු නිදහසේ සිටියත් අද තත්ත්වය ඊට වෙනස් ය. ළමුන්ට උපකාරක පන්තියත්, අම්මාගෙ පන්තියත් ගෙදර වැඩත් නිමවූ පසු කෙටි නින්දකට පමණක් වේලාව ඉතුරු විය.
තරුණයන්ද ඩිජිටල් තිරයට වැඩි නැඹුරුවක් දැක්වීම නිසා පත්තර වැසී යාම ආරම්භ විය. පත්තරද අහිමිව යන පාඨායන් දිනාගැනීමට තරම් උපායශීලි වූයේ නැත . එහෙත් පත්තරවලට පැවත්මක් නැතැයි යන මතය මම පිළිගන්නේ නැත. කාලානුරූපීව යාවත් කාලින වූ පත්තර තවමත් පවත්වාගෙන යයි .
පසුගිය වසර පහලොව තුළ මා නිකමටවත් මිහිර පත්තරයක් මිලට ගත්තේ නැත. අවම වශයෙන් මගේ පුතාටවත් කළාපයකට දෙකකට වඩා අරන් දුන්නේ නැත . එහෙත් මිහිර වසා දැමීම පසුගිය කාලයේ සිදුවූ අන් පුවත්පත් වසා දැම්මීමට සාපේක්ෂව වැඩි දුකක් දනවයි. එය දෙවෙනි වෙතොත් ඒ ලක්බිම වසා දැමීමට පමනි.ඒ අපි මිහිරෙන් උපන් නිසා විය හැක...
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
-
Category
පුවත් -
Hits
256 times