lan englan tam

පුවත්

අහම්බෙන් හමු වන 'සුවඳා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
" මං, ආචාර්ය සාලමන් ෆොන්සේකා යටතෙ, නාට්ය හා රංග කලාව පාඨමාලාව හදාරමින් හිටියෙ. මේ කාලේ , ස්වාධීන රූපවාහිනියෙන් පිටපත් රචනය ගැන Work Shop එකක් කළා. ඒකට, අපිත් එක්ක රංග කලාව හදාරමින් සිටි, මගේ මිත්රයෙකුත් සහභාගි වුණා. එවකට, ස්වාධීන එකේ හිටි තේවිස් ගුරුගේ මහත්තයා, work shop එකේ පිරිසට "කෝපි කඩේ" කියන මාතෘකාවට පිටපත් හතරක් ලියන්න කිව්වලු. මගේ මිත්රයත් පිටපත් හතරක් ලියලා. ඔහුගෙ පිටපතේ, 'සුවඳා' කියලා චරිතයකුත් ඇතුල්කරලා තිබ්බා.
ස්වාධීන රූපවාහිනියේ "කෝපි කඩේ" කියන සෝප් ඔපෙරාව, ආරම්භ වෙන්නේ work shop එක හරහා. මේ ටෙලි මාලාවෙ "සුවඳා" කියන චරිතයට, සාලමන් ෆොන්සේකා මහතා කරමින් හිටිය ⁣පාඨමාලාවෙන්, තෝරගත්තේ මාව. බොහෝ දෙනා, මේ චරිතය කරන්න බයවුණා. විශේෂයෙන් කැමරාවට. මං, කැමරාවට බය වුණේ නෑ. මට, ඒ ගැන ඉතා සුළු සුළු අත්දැකීම් තිබුණා. ඒ විදිහට තමයි මං, "කෝපි කඩේ" සුවඳා වෙන්නේ. රංගනය ගැන හදාරමින් හිටිය ම⁣ට, සුවඳගෙ චරිතට ළංවෙන්න පහසු වුණා. ඒ චරිතය මට, අත්හදා බලන්න ලැබුණු පර්යේෂණයක් වගේ. " youTube සාකච්ඡාවකට එක් වෙමින් එසේ ප්රකාශ කරන්නේ, 1987 වසරෙ දී ආරම්භ වන "කෝපි කඩේ" නම් සෝප් ඔපෙරාවට ආරම්භයේ සිට වසර 20ක් යනකල්ම 'සුවඳා' නම් භූමිකාවට පණ දුන් දමයන්ත පෙරේරා ය.
ආචාර්ය සාලමන් ෆොන්සේකාගෙ , නාට්ය හා රංගන පාඨමාලාව අවසන්වීමෙන් පසු, දමයන්ත පෙ⁣⁣රේරා, යොමුවන්නේ නාට්යවේදිනී සෝමලතා සුබසිංහගේ , ළමා හා යොවුන් රංගපීඨයට ය. එහි දී තව දුරටත්, නාට්ය හා රංගන කලාව හදාරමින් එහි දී නිෂ්පාදනය වන Stage Dramaවලට ද දායක වේ. දැවැන්ත නිෂ්පාදන වන - "යදම්" "ඇන්ටිගනී", "හිම කුමාරි" නාට්ය ඒ අතර වේ. "ඇන්ටිගනී" නාට්යයේ, රේමෝට් නම් ප්රබල භූමිකාවට, තෝරාගැනීමේ දී හිත් රිදීම්වලට ලක් වූ බැව් ඔහු, මාධ්ය සාකච්ඡාවකදී ප්රකාශ කළේය. එම භූමිකාව , හාස්ය නළුවෙක් සුදුසු නැති බවත්, ඔහුට එවැනි ප්රබල භූමිකාවක් කළ හැකිවේද යන්න ගැන විශ්වාසයක් නැති බවත් ඇතැමුන් සෝමලතා සුබසිංහ හා ප්රකාශ කර තිබුණි. එහෙත් එකී ප්රකාශ , කිසිවක් මායිම් නොකළ ඇය , තමාට ඔහු ළඟ ඇති සුවඳාගෙන් වැඩක් නැති බවත්, "ඇන්ටිගනී" නා⁣ට්යයට අවශ්ය දේ ඔහු ළඟ තියෙන බවත් ඒ නිසා අනිවාර්යයෙන් ම, රේමෝට් ට අවශ්ය දමයන්ත පෙරේරා බව ඇය ප්රකාශ කළ බැව්, ඔහු youTube සාකච්ඡාවේදී වැඩිදුරටත් පැවසීය.
දමයන්ත පෙරේරා , අධ්යාපනය ලද්දේ මහරගම විද්යාකර විද්යාලයෙනි. එහිදී ඔහු, විද්යාලයේ නර්තනය, නාට්ය සහ සංගීත කණ්ඩායම්වල ක්රියාකාරියෙකි. නාට්ය කලාවට අත්පොත් තබන්නේ විද්යාකර විද්යාලයේ වේදිකාවෙනි. පාසල් දිවියෙන් පසු, ප්රසිද්ධ වේදිකාවට අවතීර්ණවන්නේ රොහාන් වැලිවිටගේ වේදිකා නාට්යයකිනි.
ඔහු, විවිධ භූමිකාවල ජීවත්වන්නට කැමැති ශිල්පියෙකි. දමයන්ත⁣ට, සුවඳාගෙන් මිඳී , වෙනත් හැඩයක් ලැබෙන්නේ "නිලංජනා" ටෙලිනාට්යයෙනි. ඒ අතර ජයප්රකාශ් ශිවගුරුනාදන්ගෙ, "කෝළංකුට්ටං", "සල්ලි පොකුරු" සුවිශේෂ බැව් ඔහුගේ අදහස වේ. ඔහු, වෘත්තීය රංගන ශිල්පියකු නොවීය.
දමයන්ත පෙරේරා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ආදරණීය සැමියෙකි. ඔහු, විවිධ භූමිකා රගපාන්නට කැමැත්තෙන් සිටී. පසුවන්නෙකි. දමයන්ත පෙරේරා, සජීව මල්මාලආරච්චිගේ "රතු රුවල්" නාට්යයේද, ඔහුගේම "රොම්බ තෑන්ක්ස්" නම් ප්රහසන නාට්යයේ ද, ප්රියන්ත රංජන්ගෙ "රූකඩ රාජ්ජේ" වේදිකා නාට්යයේ ද විවිධ වූ භූමිකාවලට පණ පෙවීය. "රිදී සීනු" යනු , ඔහුගේ නවතම සිනමා රංගන දායකත්වය වේ.
දමයන්ත පෙරේරාව රටක් හඳුනාගත් , "කෝපි කඩේ" ටෙලි නාට්යයේ සුවඳාට ඔහු අදටත් ආදරය කරන්න බැව් මාධ්ය සාකච්ඡාවේ දී ප්රකාශ කළේය.
 
අනුසාර මහින්දගොඩ
Back to top
Go to bottom

Popular News