lan englan tam

පුවත්

ඩිජිටල් පරිවර්තන හමුවේ ලාංකේය සිනමාවේ අනාගතය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

- වෘත්තීයවේදීන් දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයක්

ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය විසින් සංවිධානය කරන ලද සිනමාව හා සම්බන්ධව "මාර්ගගත අවකාශයේ සිනමා අන්තර්ගතයේ ආරක්ෂාව", "සමාජ මාධ්‍ය තුළ සිනමා ප්‍රවර්ධනය", "ඊ-සිනමාව සමග පැවතීමේදී ඒ පිළිබඳව අවධානය දිය යුතු කාරණා" සහ "ඩිජිටල් වේදිකාවේ සිනමා ප්‍රදර්ශන අවකාශය" පිළිබඳව සිනමා අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් සහ සංස්කරණ ශිල්පීන් ඇතුළුව සිනමා පසු නිෂ්පාදන කාර්යයේ නිරත තාක්ෂණ ශිල්පීන් ඇතුළු වෘත්තීයවේදීන් දැනුම්වත් කරන ලද සම්මන්ත්‍රණයක් පසුගිය මස දිනක කොළඹ 02, නවලෝක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

පවතින තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණය වෙත පරිවර්තනය වන ශ්‍රී ලාංකේය සිනමාවේ නිෂ්පාදනය, පසු නිෂ්පාදනය, බෙදාහැරීම සහ ප්‍රදර්ශනය යන නන්වැදෑරුම් ක්ෂේත්‍රවල පවත්වාගත යුතු සාධනීය ගුණාත්මකභාවය සමස්ත කර්මාන්තය තුළ ප්‍රමිතිගතව තබා ගැනීම පිණිස සම්පත්දායකයන් වෙතින් ඉදිරිපත් වූ නිදර්ශන සහිත දේශන, ප්‍රශ්නෝත්තර වාර සහ සහභාගීවූවන් වෙතින් ගොඩ නැගුණු සංවාදශීලී සාකච්ඡා යන විවිධ ක්‍රමවේද ඔස්සේ මෙම සම්මන්ත්‍රණය සංවිධානය කොට තිබිණි.
වසර 12ක කීර්තිමත් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය විසින් දේශීය සිනමා කලාව සහ කර්මාන්තය වෙනුවෙන් ගත වූ දිගු කාලය තුළ ලබා ගන්නා ලද ජයග්‍රහණ පිළිබඳව අවධානයට ලක් කළ අතර විශේෂයෙන් සිනමා ශාලාව සමග බැඳුනු මෙරට සිනමා ප්‍රේක්ෂකත්වය මෙන්ම විවිධ නව මාධ්‍ය පීඨිකා ඔස්සේ මෙරට සිනමා කෘති නරඹන විදෙස්ගත ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකත්වය පිළිබඳවද මෙම සම්මන්ත්‍රණයේදී අවධාරණය කෙරිණි.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

Back to top
Go to bottom

Popular News